පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදි කිරිමට විරුද්ධ වූ අයෙකුගේ වෙළදසැළකට ප්‍රහාරයක්...

 


නාවලපිටිය මී පිටිය ප්‍රදේශයේ පාසටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදි කිරිමට විරුද්ධ වූ නාවලපිටිය මී පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් නිවසට සහ වෙළදසැළට කිසියම් පුද්ගලයෙකු විසින් (07) දින රාත්‍රියේ කිසියම් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කර ගිනිතැබීමට උත්සහ කිරිම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇත.

රාත්‍රි 11:00ට පමණ පොලු, මුගුරු සහ බෝතල් කිහිපයක්ද රැගෙන පැමිණ එම පිරිස මුලින්ම එම වෙළදසැළට සහ නිවසට ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ලට ගිනි තැබීමටද උත්සහ කර පලා ගොස් ඇත.

එම අවස්ථාවේ වෙළදසැල්හිමියා ප්‍රදේශවසීන්ගේද සහයෝගය ඇතිව පැතිර යන ගින්න පාලනය කිරිමට සමත් වී ඇති අතර, එම පැමිණි පිරිස වෙළදසැල් හිමියාගේ යතුරුපැදියටද පහර දී ඇත.

ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි පුද්ගලයා පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානය ඉදි කිරිම භාරව කටයුතු කල පුද්ගලයා බවට වෙළදසැල් හිමියා විසින් හදුනාගෙන ඇත.

එම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගයෙකු බවත්, එම සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින බවයි වෙළදසැල් හිමියා කිය සිටින්නේ.

පාස්ටර් ජෙරම් එම යාඥා මධ්‍යස්ථානය ඉදි කිරිමට එම ඉඩම මිලදි ගෙන ඇති අතර, එම ඉඩමේ ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා මේ වසරේ ජූනි මාසයේ පාස්ටර් ජෙරම් පැමිණි අවස්ථාවේ අදාළ වෙළදසැල් හිමියා සහ ප්‍රදේශවසීන් දැඩි විරෝධය පෑම හමුවේ පාස්ටර් ජෙරම් සහ පැමිණි පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

පහර දීමට පැමිණි පුද්ගලයන් සීසීටීවි දර්ශණ ඔස්සේ හදුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය පොලිසිය විමර්ෂණ අරම්භ කර ඇත.

රංජිත් රාජපක්ෂ                

Previous Post Next Post