මාලිමාවෙත් ජාවාරම්කරුවන් ඉන්න පුළුවන්.. ආණ්ඩු කරන්නේ ජවිපෙ විතරක් නොවේ..

 


අද රාජ්‍ය බලයට පැමිණ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණම පමණක් නොවන බව කෘෂිකර්ම අමාත්‍යයක කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි. 

එනිසා පුළුල් ජාතික ජාතික බලවේගයක් අද බලය දරන නිසා මෙම ආණ්ඩුව ඇතුළේදී ජාවාරම් කරැවන් සිටිය හැකි බවද ඔහු පැවසීය.

නමුත් පෙර ආණ්ඩුවලට වඩා වෙනස ඇත්තේ මෙම ආණ්ඩුවේ සිටින ඕනෑම පුද්ගලයෙකු වරදකට ඔහු බේරා ගැනීමට කතා නොකරන නිසා බවත් හෙතෙම පැවසුවේය.

පෙර ආණ්ඩුවලදී වූයේ ආණ්ඩු හිතවාදියෙකු අත්අඩංගුවට ගත් විට ඔවුන් බදා ගැනීම බවද ඔහු සඳහන් කළේය.

වාරිමහිම වැඩසටහනක ආරම්භක අවස්ථාව අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

ජාතික ජනබල වේගය බලයට නොපැමිණියේ නම් එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ සහ තවත් ඇමතිවරුන් කිහිපදෙනෙකු සිර දඬුවම්වලට ලක් නොවුණු ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.


Previous Post Next Post