ආර්ථික පදනම් බිඳ වැටුණු සමාජීය වශයෙන් අස්ථාවර වෙච්ච රටක් බාරගෙන භාණ්ඩාගාරය පිරි ඉතිරි යන මට්ටමට අප ආර්ථිකය ස්ථාවර කළා යයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙසේ පැවසුවේය.
අපි බාරගත්තේ ආර්ථික පදනම් බිඳ වැටුණු සමාජීය වශයෙන් අස්ථාවර වෙච්ච රටක්. මුලින්ම අපට ඒ වගකීම දරන්න සිදුවුණා. අස්ථාවර වූ රට ස්ථාවර කිරීමේ කාර්යභාරය ගැන 2025 අයවැයෙන් අවධානය යොමු කරනු ලැබුවා. භාණ්ඩාගාරය පිරි ඉතිරි යන මට්ටමට අප ආර්ථිකය ස්ථාවර කළා යැයි විපක්ෂයේ ඉන්න දේශපාලකයන්ට පවා අද කියන්නට සිදු වී තිබෙනවා. රට ආර්ථික වශයෙන් ස්ථාවර වුණාය කියන දේ තහවුරු කරන්න ඒ ප්‍රකාශයම් ඇති දේශපාලන වශයෙන් අප රට දැන් ස්ථාවර වෙලා තියෙනවා. සමාජීය වශයෙන් ද ස්ථාවර වී තිබෙනවා. ඒ අනුව පසුගිය අයවැයේ අභිමතාර්ථ මුදුන් පත් වී තිබෙන බව කිව යුතුයි. 2026 අයවැයේ අරමුණ කුමක් විය යුතුද? ලංකාව යනු ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න හැකි පරිදි දියුණු කළ හැකි විභවතාවක් තිබෙන රටත්, ස්ථාවර කරපු රට සංවර්ධන ඉලක්ක තරා යන්නේ කොහොමද කියන සැලසුම සහිතව මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා.

භාණ්ඩාගාර පිරිල නම් අයවැය පරතරයක් තියෙන්න බෑ.අඩුම වශයෙන් දේශීය ණය ගැනීම කරන්න ඕන නෑ නේද?.බොරුව රජ කරවීම හරිද?
ReplyDeleteOh my God, why are you all lying so much. Are not you a Dr?
ReplyDelete