ඊයේ රාත්‍රියේ ඇද හැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් ගිං ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලා තිබේ.
ඒ හේතුවෙන් නාගොඩ, මාපලගම, උඩුගම ආදි ප්‍රශ්න ප්‍රදේශ රැසක් පහත්බිම් සහ මාර්ග ජලයෙන් යට වී ඇත.
අද පෙරවරුවේද ජල මට්ටම් ඉහල යමින් ඇත.
නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් නිල්වලා ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනු ලැබේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනා කරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ.
ගාල්ල , මාතර දිස්ත්‍රික්ක දෙකෙහි ස්ථාන කීපයක් ජලයෙන් යට වීම නිසා ගමනාගමන අපහසුතාවයන්ට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබේ.
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කීපයක් යොදවා ඇති අතර ඒ අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාාමාර්ග ගනිමින් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
