ඩබල් කැබ් 1775ක් ගෙන්වීම සඳහා රජය විසින් සිදු කර ඇති ටෙන්ඩර් ක්‍රියාවලියේ ප‍්‍රසම්පාදනය නීති විරෝධී බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
ටෙන්ඩර් ක්‍රියාවලිය අනුව දින හතළිස් දෙකක කාලයක් ටෙන්ඩර්කරුවන්ට ඊට ඉදිරිපත් වීමට අවස්ථාව දිය යුතු වුවත් මෙම ටෙන්ඩරය පමණක් දින දොළහක් වැනි ඉතා කෙටි කාලයකදී වසා දමා ඇති බවද ඔහු චෝදනා කළේය.
එමෙන්ම එක් සැපයුම්කරුවකු හෝ සීමිත සැපයුම්කරුවන් ප්‍රමාණයක් ඉලක්ක කරමින් ටෙන්ඩර් කොන්දේසි පවා සකසා ඇති බවටද ඔහු චෝදනා කරයි.
ඒ අනුව ඔහු යෝජනා කරන්නේ මෙම වාහන ටෙන්ඩරය වහා අවලංගු කළ යුතු බවය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

මේ තමයි හොදට රීච් තිබුනු වෙබ් සයිට් එකක් වැඩි තන්හාවට ගිහින් විනාශ කර ගන්න විදිහ :D
ReplyDelete