විෂ මත්ද්‍රව්‍යයෙන් තොර සමාජයක් බිහි කරමු තේමාව යටතේ "රටම එකට" ජාතික මෙහෙයුමට සමගාමීව විකුණන-ලොල් වුණ සැමට දැනුම් දීමයි වැඩසටහනේ නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ සමාරම්භක වැඩසටහන සහ අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් (23) දින නාවලපිටිය නගර මධ්‍යයේදී පැවැත්විණි.
නාවලපිටි
පොලිස් ස්ථානාධිපති කේ.එම්. කුලතුංග, පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාපති මංජුල කරුණාරත්න,
නාවලපිටිය ජාතික ජනබලවේග ආසන
සංවිධායක නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන, ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටනට සහභාගි
වී සිටියහ.
මෙයට
සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතය හා එහි අනිසි ප්‍රතිවිපාක පෙන්වා දෙන "ෂේඩ් ඔෆ්
ලයිෆ්" (shades of life) වීදි නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ නාට්‍ය විශාල පිරිසකගේ
පැසසුමට ලක්විය.
රංජිත් රාජපක්ෂ
