අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් මනුවරණ මහතා අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියේය.
අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් පෙනී නොසිටීම මත ඔහුට මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
කෙසේ වෙතත් එම වරෙන්තු නියෝගය නිකුත් කර සතියකට වඩා කාලයක් ඉක්ම ගොස් ඇතත් මන්ත්‍රීවරයා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුව නැත.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පිවිස අයවැය විවාදයට සහභාගි වන්නේ වන්නේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පසුකිරමිනි.
