බෙන්තොට සමුපකාරය මාලිමාව දිනයි.. විපක්‍ෂයට එකයි..


බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම සමත් විය. 

මෙම ප්‍රතිඵලය අනුව සමිතියේ බලය ඔවුන්ට හිමි වේ.

හිටපු සභාපති රංජිත් මහවිතාන මහතා විසින් නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මෙම නිලවරණයෙන් පරාජයට පත් වූ අතර, ඔවුන්ට හිමි කර ගැනීමට හැකි වූයේ එක් අධ්‍යක්ෂ තනතුරක් පමණි.

මෙම නිලවරණය දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ බෙන්තොට සමුපකාර ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

Previous Post Next Post