නුවරඑලිය
ආර්ථික මධ්‍යස්ථානය (10) දින වසා තබමින් රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ
ව්‍යාපාරිකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් පියවර ගෙන ඇත.
දේශීය
වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු
සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, ඒ සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මත
දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිශ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න
අලෙවි කර ගැනීමට නොහැකි බවයි වෙළදසැල් වසා දමමින් විරෝධතාවය දක්වන ව්‍යාපාරිකයන්
සහ නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් කියා සිටියේ.
(10)
දින නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුලු
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකල බවත්, නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා
ගොවීන් (10) දින දෛනික කටයුතු වලින් ඉවත් වි සිටින බවයි
එම ව්‍යාපාරිකයන් කියා සිටියේ.
පවත්නා
තත්වය මත නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.
රංජිත් රාජපක්ෂ
