IMF ලංකාවේ ආදායමට දේපල බද්දත් එකතු කරයි.. ක‍්‍රියාත්මක කරන්නැයි රජයට දන්වයි..


 දේපළ බද්දක් ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රජයට යෝජනා කර ඇතැයි හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

2027-28 වසර වල සිට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන ලෙස ෙමය ආරම්භ කළ යුතු බව ඔවුන් පවසා ඇතත් ආණ්ඩුවේ ස්ථාවරය මේ වනතෙක් දන්නවා නැතැයිද හෙතෙම කියා සිටී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරට ආර්ථික දර්ශක ගණනය කර ඇත්තේ එම බද්දෙන් උපයන ආදායමත් සමග බවද ඒ මහතා සඳහන් කළේය.

එම අරමුදල ආසන්නයේදීම නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාවේ ආදායමට දේපළ බද්දෙන් එන ආදායමද ඇතුලත් කර ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ අනුව ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව පාර්ලිමේන්තුවට පවමනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.


Previous Post Next Post