අම්බලන්ගොඩ නගර සභාව අසලදී අද පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කරන ලද ව්‍යාපාරිකයා පසුගිය පළාත් පාලන මැතිවරණයේ අම්බලන්ගොඩ නගර සභාවට ඉදිරිපත් කරන ලද සමගි ජන බලවේගයේ අතිරේක නාම යෝජනා ලැයිස්තුවේ සිටි අයෙක් බව හෙළි වී තිබේ.
ඔහු වරුසවිතාන මිරන්ත නැමැති පනස් පස් හැවිරිදි අයෙක් වන අතර මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර තිබේ.
අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා දෙකකටද ඔහු හිමිකරුවෙකි.
වෙඩි ප‍්‍රහාරයෙන් පසු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මෙම පුද්ගලයා මියගොස් තිබේ.
දැනට කරන ලද පරීක්ෂණ අනුව හෙලි වී ඇත්තේ මොහු විදේශගතව සිටින කරන්දෙණිය සුද්දා නමැති පාතාල අපරාධකරුගේ මස්සිනාද වන බවය.
වෙඩි තැබූ පුද්ගලයා පැමිණි මෝටර් රථය කරන්දෙණිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
