දකුණු මුහුදේ කුඩු තොගය සම්බන්ධයෙන් SJB අපෙක්‍ෂකයෙක් අත්අඩංගුවට....

 

නාවික හමුදා මෙහෙයුමකින් දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ සමගි ජනබලවේගය නියෝජනය කළ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු පන්නල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ රුපියල් කෝටි 400 ඉක්මවන වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ නාවික හමුදාව අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය පරීක්ෂණවලදීය.

වැටලීමකදී අල්ලාගත් මෙම ධීවර යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙතට ගෙන එනු ලැබිණි. 

එම යාත්‍රාව සෝදිසි කිරීමේදී, පාර්සල් 18ක් තුළ අසුරා තිබූ අයිස් කිලෝග්‍රෑම් 200ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

මෙම යාත්‍රාව තුළ තිබී නීතිවිරෝධී ගිනිඅවි දෙකක්ද ආරක්ෂක අංශ විසින් භාරයට ගන්නා ලදී.

Previous Post Next Post