කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ පැවති නිලවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත් වී තිබේ.
නිලවරණ ප්‍රතිඵල අනුවල මහා සභාවට තේරී පත් වන සමස්ත සභිකයන් අතරින් 64 දෙනෙකුම විපක්ෂයෙන් පත් වී ඇති අතර ජාතික ජනබල වේගයට හිමිව ඇත්තේ නියෝජිතයන් 36 දෙනෙකු පමණි.
මෙම ජයග්‍රහණය හේතුවෙන් කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හත්දෙනාම පත් කර ගැනීමට අවස්ථාව හිමි වන්නේ විපක්ෂයටය.
ඒ අනුවල ජාතික ජනබල වේගයට එහි කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් පත් කර ගැනීමට අවස්ථාව හිමි වන්නේ නැත.
මෙම නිලවරණයේදී ජාතික ජනබල වේගය නියෝජනය කරමින් තරඟ කළ කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, එහි මන්ත්‍රීවරුන් හයදෙනෙකු සහ පිටබැද්ද ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාද ඇතුළු සියලු දෙනාම පරාජය වී තිබෙන බව වාර්තා වේ.
මේ අතර වත්මන් සමුපකාර සමිතියේ මාලිමාව නියෝජනය කරන උපසභාපතිවරයා විසින් ‘ආණ්ඩුව අපේ... ආණ්ඩුකාරයා අපේ.. කොමසාරිස් අපේ’ යනුවෙන් පවසමින් නිලධාරීන්ට තර්ජනය කර ඇති බවත්, බලෙන් හෝ බලය ලබා ගන්නා බවට පණිවුඩයක් ලබා දී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.
එබැවින්ල වහාම මහා සභාව කැඳවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කරල පාලනය ප්‍රජාතන්ත්‍රවාදීව හුවමාරු කිරීමට කටයුතු කරන ලෙස කොමසාරිස්වරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
