විපතට පත් පුරවැසියන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කරන ලද "Rebuilding Sri Lanka" අරමුදලට මේ වන විට ලැබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3421ක් ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
මෙම අරමුදල් කඩිනමින් සහන සැලසීමේ ක්‍රියාවලියට ව්‍යාපෘතියට යොමු කිරීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.
ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය (රුපියල් බිලියන 3.4කට අධික) ඇමෙරිකානු ඩොලර් වලින් සලකන විට, එය ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් ඉක්මවා ඇත.
විශේෂයෙන්, විදේශ මුදල් වලින් ලැබුණු ප්‍රධානයන්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 4.17ක් පමණ වන බව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත.
මේ වන විට විවිධ රටවල් 40කින් ශ්‍රී ලංකාවට මුදලින් ආධාර ලබා දී තිබෙන බව පෙනී යයි. වැඩිම මුදල් ප්‍රමාණයක් ලැබී ඇත්තේ ඇමෙරිකාව තුළින් ලැබෙන ප්‍රදානයන්ගෙනි.
ව්‍යාපාරික ප්‍රජාවද මෙම ක්‍රියාවට සම්බන්ධ වී ඇති අතර රුපියල් මිලියන 100ට වඩා වැඩි ප්‍රධානයන් තුනක් ව්‍යාපාරික ආයතන කිහිපයක් විසින් සිදු කර ඇත. රුපියල් මිලියන 20ත් 100ත් අතර ප්‍රධානයන් හතරක් ව්‍යාපාරික ප්‍රජාව සහ පුරවැසියන් විසින් ලබා දී ඇත.
මෙම රැස් කරන ලද මුදල් කඩිනමින් ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් හානි වූ පිරිසට සහන සැලසීමේ ක්‍රියාවලියට යොමු කෙරේ. එහි ප්‍රධාන අරමුණ වන්නේ ආපදාවට පත් ජනතාව පෙර සිටියාට වඩා හොඳ තත්ත්වයකට ඔසවා තබන්නට අවශ්‍ය කරන සහයෝගය ලබා දීමයි.
මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය, පළාත් පාලන යාන්ත්‍රණය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යාන්ත්‍රණය සහ ආපදා කළමනාකරණ සේවා මධ්‍යස්ථානය මෙහෙයවනු ලබයි.

සුපිරි. අපි තව එවනවා. මමත් මගේ නෝනත් අපේ සති දෙකක වැටුප් එව්ව මේ ගිණුමට. මෙහෙ ඕස්ට්‍රේලියාවේ වැඩකරන ලංකාවෙං ආව දොස්තර මහත්තුරු නෝනලා ගොඩක් ඉන්නවා මාසෙක වැටුප එවපු. කලිං කාලාකණ්ණි ආණ්ඩු නිසා මේ රටවල් වලට එන්න සිද්ධ වෙච්ච අයත් තමන්ට පුළුවන් විඳියට මේ ආණ්ඩුව විශ්වාස කරලා සල්ලි එවනවා.
ReplyDeleteඅනේ යකෝ තෝ වගේ ගොනෙක්, මී හරකෙන්, මහ හෙන මෝඩ මූසලයෙක්.
Deleteඕස්ට්‍රේලියාවේ අපි හැමෝම අපේ අනුර ජනාධිපතිතුමා සමඟ!
DeleteAnonymous's Father ඇප පිට නේද ඉන්නෙ
Deleteමම රංවල නෙවේ යකෝ. ඇත්ත උපාධියක් සහිත, ජෙප්පන්ගෙ අසූචි පච වලට අහු වුන් නැති, දඩ, සිරා, පොරක්.
Deleteඕස්ට්‍රේලියාවෙ ලංකාවෙ මිනිස්සු 172000 ඉන්නවා. එයින් 130000 සිංහල. මෙයාලා ඩොලර් 100 ගානෙ එව්වොත් ඩොලර් මිලියන 15 ලැබෙනවා.
Deleteලංකාවේ උපාධි තියෙන උන් නේද ලොකුම කුපාඩි? විශේෂයෙන් ආචාර්ය උපාධි කාරයෝ? කුඩු මර්වින්, නාකි මයින, කොටළු ඒක ධමනි, රන්වල ආචාර්ය වගේ? අනික තමන් තමන්ටම දඩ පොරක් කියන්නෙ ඉතිං මේකා ගොනා නෙමේ ද පුතා?
Deleteමම ඕස්ට්‍රේලියාවේ Adelaide වල. අනික් අය ගැන දන්නෙ නෑ. ලක්ෂ පහමාරක් එව්වා සිකුරාදා. අපි මේ රටවල් වල හිටියට මේ දුර එන්න හයිය දුන්නෙ අපේ මවු රට.
Deleteමේ ප්‍රකාශය කා විසින් කා වෙත කුමක් අරභයා ප්‍රකාශ කරන ලද්දක් ද සාර්ථකව අනුමාන කර වටිනා අයිස්ක්‍රීම් කුට්ටියක් දිනා ගන්න.
ReplyDeleteසමස්ථ දේපල පාඩුව ඩොලර් බිලියන 5 ඉක්මවලා තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර් මිලියන 5000 ඉක්මවලා. 5000 - 11 = 4989යි තව හොයා ගන්න ඕන.
ReplyDeleteඔයිට වැඩිය කෙලවලා තිබ්බ ආර්ථිකය ගොඩ දාල භාන්ඩාගාරය පුරවාපු මේ ආණ්ඩුව, මේ අභියෝගය ගේමක් නැතුව ගොඩ දානවා ලොවෙත්.
Delete