පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
119 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලි වලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද මෙම දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලබා දෙමින් මෙම හදිසි සේවාව අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වේ.
ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන අතර මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරිම තුලින් මෙම අංකය ඔස්සේ පොලිසියේ සහය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශ්‍ය හදිසි පැමිණිල්ලකට ක්‍රියාත්මක වීමේ හැකියාව නොලැබී යයි.
එසේම, මෙම 119 ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර, රජයේ සේවකයෙකු වෙත දැනුවත්ව අසත්‍ය තොරතුරු සැපයීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.
එබැවින් පොලිසියේ සහය සෘජුවම අවශ්‍ය නොවන වෙනත් ආයතන හා සම්බන්ධ වීමට පහත සඳහන් කෙටි දුරකථන අංක භාවිතා කර මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමටත් මෙම හදිසි ඇමතුම් අංකය අවභාවිතා නොකරන ලෙසටත්, මහජනතාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

