නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගනී...


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරු 9.00 ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට මීට පෙර දැනුම් දී තිබූ අතර, ඒ අනුව එහි පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් සිටියදී මෙම පියවර ගෙන ඇත.

මීට පෙරද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් පාර්ශව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර, අදාළ ගනුදෙනුව හරහා සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.





Sri Lankan MP Namal Rajapaksa Arrested by Bribery Commission

In a significant development today, MP Namal Rajapaksa was taken into custody by the Bribery Commission during a session meant to address allegations of corruption linked to a deal involving the SriLankan Airlines’ purchase of Airbus aircraft.

The arrest occurred this morning as the MP appeared before the Commission to provide a statement regarding this high-profile procurement transaction. He had been formally notified to attend a hearing at 9:00 AM and was giving his testimony at the time of the arrest.

Prior to his apprehension, investigation teams had already gathered statements from multiple parties concerning this matter, probing irregularities allegedly connected to the transaction. Rajapaksa faced questioning related to these inconsistencies yet had arrived to share his own insights.

Namal Rajapaksa is expected to be presented before the courts for further legal proceedings in relation to his arrest.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. 12 දා රැස්වීමට බය වෙලා. ඒ රැස්වීම තියනවා. කෙලෙහිගුන නොදත් වසලයෙක් වැඩි කල් ඉන්නෙ නෑ පචාදිපති. තූ
    නාමල්❤️❤️

    ReplyDelete
Previous Post Next Post