රොසැල්ල ග්‍රාම නිලධාරි වශමේ මාණික්කවත්ත හා ඇබගල්ටි ප්‍රදේශවල නාය යාමේ තර්ජනයක් මත පවුල් 35ක පුද්ගලයන් 167 දෙනකු එම ප්‍රදේශයෙන් ඉවත් කර සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රදවා තැබිමට පියවර ගත් බව ග්‍රාම නිලධාරි එස්. සුරේෂ් මහතා පවසයි.
05වන දින රාත්‍රියේ මෙම ප්‍රදේශවල නිවාස ඉරි තැලිමකට ලක්
විමත් සමග එම නිවාස හිමියන් මේ බව දැනුම් දිමෙන් පසුව මාණික්වත්ත ප්‍රදේශයේ පවුල්
22ක පුද්ගලයන් 109 දෙනකු හා ඇබගල්ටි ප්‍රදේශයේ පවුල් 13ක පුද්ගලයන් 58 දෙනකු ඉවත්
කිරිමට පියවර ගත් බවත් එම පිරිස් ආගරඔය විදුහලේ හා බිංඔය විදුහලේ ස්ථාපිත කර ඇති
සුරක්ෂිත මධ්‍යස්ථානවල රදවා ඇති බවත්ය.
මෙසේ සුරක්ෂිත මධ්‍යස්ථානවල රදවා ඇති මෙම පිරිසට අවශ්‍ය
ආහාර පාන හා අනිකුත් අවශය පහසුකම් ලබා
දිමට පියවර ගෙන ඇති බවද සුරේෂ් මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා
