තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය 5.4%යි...

 


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත.

2024 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,154,148 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,325,611 ක් දක්වා ඉහළ ගොස් ඇත.

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.4 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත.

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 3.6, සියයට 8.1 ක් සහ සියයට 3.5 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත.

Previous Post Next Post