නුවර පාරක් මීටර 836ක් රෙපෙයාර් කරන්න මිලියන 822ක්.. මීටරයට මිලියනයක්...


මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන විලියම් ගොපල්ලව මාවත (AB 042) මංතීරු හතරක් සහිතව පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර ඇත.

අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම සමස්ත ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ, සුදුහුම්පොල ප්‍රදේශයේ සිට මහනුවර දුම්රිය ස්ථාන මංසන්ධිය දක්වා වූ කිලෝමීටර් 0.836 ක දුරක් (CH 2+900km සිට 3+736km දක්වා) මංතීරු හතරක ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 822.2 ක ඇස්තමේන්තුගත මුදලක් වැය වන අතර ඒ සඳහා පූර්ණ ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය මගින් සපයනු ලබයි. 

ඉදිකිරීම් ආරම්භ කළ දින සිට දින 546 ක්, එනම් මාස 18 ක කාලසීමාවක් තුළ මෙහි වැඩකටයුතු නිම කිරීමට ඉලක්ක කර ඇත.

විලියම් ගොපල්ලව මාවත මෙලෙස ප්‍රමිතියෙන් යුත් මංතීරු හතරක් සහිත මාර්ගයක් ලෙස සංවර්ධනය වීමත් සමඟ මහනුවර නගරයට ඇතුළු වන සහ පිටවන වාහන සඳහා වඩාත් කාර්යක්ෂම හා විධිමත් ප්‍රවාහන සේවාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

6 Comments

  1. පුනරුදය

    ReplyDelete
  2. සුපිරි. අත්‍යවශ්‍ය පාරවල් වලට මේ වගේ දහ ගුණයක් වෙන්කලත් පාඩු නෑ, ROI එක මීට් වෙනව ලොවෙත්. ඒ උනත් අර පොන්නමල් ගෙ අප්ප හැදුව පාරවල්, ඕකා මලපෙරේත ආත්මේ ඉඳල ඉවර වෙනකං බැලුවත් වියදං කරපු එව්වයින් සත පහක් ආපහු ඇවිත් නෑ. රට කන්න ආපු කාලකන්නි පවුල.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මේක ඉවර වෙලා ගන්නොරුවෙන් තව පාලමක් දැම්ම නං නුවර අපිට කිසි තදබදයක් එන්නෙ නෑ තවත් අවුරුදු 500ක් ගියත්. ගැහුවයින් ගැහුවේ නෑ මෙහෙම කතිරයක්. මේවා මීට අවුරුදු 20කට විතර කලින් කරන්න තිබ්බ වැඩ. කොහෙද, මයින හැදුව නෙ නියම එයාපෝට්, වරායවල් බල්ලෙක් එන්නෙ නැති, උට කුට්ටිය කන්න.

      Delete
  3. yako para JVP ballane E manussaya ge kaale Hadapu paarawal honda thamayi thaama minissu yanne..thopi awith monaada kale..

    ReplyDelete
    Replies
    1. ඔයා හම්බන්තොට ද? ඒ පාරවල් වල යනව බං වල් අලි. වාහන නං යන්නෙ ඉඳලා හිටල ටැට්ටර කබලක්

      Delete
  4. නුවරට දියමන්ති පාරවල්. අනේ ........

    ReplyDelete
Previous Post Next Post