ආපදා සහන ඉල්ලා ග්‍රාම සේවකලාට විරුද්දව විරෝධතා...

 


කොත්මලේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලය යටතේ පාලනය වන නැගෙනහිර කලාපයේ විහාරස්ථානවල මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසින් එක්ව (30) දින පස්වරුවේ ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගය කරගස්තලාව විහාරස්ථානය හරස් කරමින් විරෝධතාවයක් දක්වා කොත්මලේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලය වෙත වාහනවලින් යෑමට ගත් උත්සහයක් කොත්මලේ පොලිසියේ නිළධාරින් විසින් නතර කරනු ලැබූහ.

කොත්මලේ නැගෙනහිර කලාපයේ පිහිටි කරගස්තලාව, රම්බොඩ ඇතුලු ගම්මාන සහ වතු ගණනාවක වතු කම්කරුවන් එක්ව තමන් ආපදාවට පත් වු දින සිට තමන්ට රජයෙන් ලබා දෙන සහන නිසිලෙස නොලැබෙන බවත් එම වසම්භාර ග්‍රාම සේවා නිළධාරිවරුන් තම වසම්වලට පැමිණ තම ගැටළු පිලිබදව සොයා බැලීමක් නොකරන බව පවසමින් මෙම උද්ගෝෂණ සිදු කරනු ලැබුවේ.

(29) දිනයේද එම මහා සංඝරත්නය, වත් කම්කරුව්න සහ ප්‍රදේශාවසීන් එක්ව ග්‍රාම සේව නිළධාරින් මෙම රාජකාරි පැහැර හැරීම සම්බන්ධයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දක්වා සහකාර කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාට ග්‍රාම සේවා නිළධාරින් සම්බන්ධයෙන් සිදු කල පැමිණිල්ලට විරෝධන පාමින් එම වසම් භාර ග්‍රාම සේවා නිළධාරිවරුන්ද (30) දින ග්‍රාම සේවා කාර්යාලය තුල විරෝධතාවයක් දක්වා කොත්මලේ පොලිසිය වෙත පා ගමනකද නිරතව ඇත.

දෙපාර්ෂවයේ පවතින ගැටළුව සම්බන්ධයෙන් (31) දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයා සහ ග්‍රාමසේවා නිළධාරින් අතර සාකච්ඡා කර විසදුම් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන බවට කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා මහා සංඝරත්නය සහ විරෝධතාවයට එක් වී සිටි වත් කම්කරුව්න සහ ප්‍රදේශාවසීන් හමුවේ පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාවය දැක්වූ මහා සංඝරත්නය ඇතුලු ප්‍රදේශාවසීන් ප්‍රාදේශීය ලේකම්කාර්යාලය වෙත යන ගමන නතර කරනු ලැබුහ.

Previous Post Next Post