පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදාදීමට යෑමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් තර ඒ හරහා පරිත්‍යාග ලබෙදා හැරීමට අවස්ථාව සලසා ගන්නා ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා ඉල්ලීමක් කරයි.
පරිත්‍යාගශිලින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තම වගකීමක් වන බැවින් මෙන්ම සෘජුව ආධාර බෙදා හැරීමට යෑමේදී යම් අනතුරකට ලක්විය හැකි බැවින් මෙලෙස පරිත්‍යාගශිලින්ට දැනුවත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට ග්‍රාම නිලධාරී වසම් 397කට අයත් පවුල් 63,047 ක පුද්ගලයින් 246,359 ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ පීඩාවට පත්ව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම පුද්ගලයින් තිදෙනෙකු ආපදා හේතුවෙන් මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව ද පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා මේ වනවිට නිවාස 6කට සම්පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 1,187 කට අර්ධ හානි සිදුව ඇතැයිද පැවසීය.
මේ අතර, පුද්ගලයින් 20,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින බවද ප්‍රසන්න ගිනිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
- වමින්ද සිල්වා

දැනුම් දෙන්න නෙවෙයි. ප්‍රාදේශීය ලේකම්ගෙන් අහන්න කොහෙටද දෙන්න ඕන කියල. එයාට පුළුවන් වෙන්න ඕන හැම ගමකටම සමානව ආධාර බෙදන්න.
ReplyDeleteරතු තරුව උන්ගෙ ස්ටිකර් ගහයිද දන්නෑ.
ReplyDeleteආ අම්මප ඉස්සර රචු චරුව කියල එකකුත් තිබුන තමා
Deleteතව කවුරුද දන්නේ නැහැ දැනුවත් කරන්න ඕන?
ReplyDelete