උද්ධමනය දැනෙන්නම පහලට...


 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මාසය සඳහා 2.4% ක් දක්වා අඩු වී ඇත.

2025 ඔක්තෝම්බර් මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී   3.6% ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2025 ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී 1.5% ක් ලෙස නොවෙනස්ව පවතී.

Previous Post Next Post