රංවලගේ වෙරි බහිනතුරු ඇල්කොහොල් පරීක්‍ෂණ එපා යයි බලපෑම් කරලා...


වර්තමාන ආණ්ඩුව රාජ්‍ය පාලනයට පෙර කියා සිටියේ දේශපාලනය නොතකා නීතිය ක්‍රියාත්මක කරන බව යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරැණා මහතා සඳහන් කරයි.

නමුත් අද සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනත් තත්වයක් බවටත් ඔහු චෝදනා කරයි.

අශෝක රන්වල මහතාගේ රිය අනතුර අවස්ථාවේ ඔහු බීමතින් සිටියේ චෝදනා එල්ල වන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

නමුත් ඒ මොහොතේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ නොකරන ලෙසට පොලිසියට බලපෑම් කර ඇති බවට තොරතුරු ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අවසානයේ පරීක්‍ෂණ කරන්නට වෙන්නේ අරක්කු වල වෙරි සිදුනු පසු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

1 Comments

  1. එහෙම තමයි. කියපු බොරු මහමෙර වගේ කී ගුණයක්ද?

    ReplyDelete
Previous Post Next Post