සුළි කුනාටු ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට මාළදිවයිනේ ජනතාව විසින් රැස් කරන ලද ඩොලර් මිලියන දෙකයි දශම හතරකට වැඩිය මුදල් ප්‍රමාණයක් රජයට ලබා දී තිබේ.
මාලදිවයින් රජය විසින් ඩොලර් පනස්දාහක පරිත්‍යාගයක්ද ඒ සමගම භාරදී ඇත.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී මෙම මුදල පරිත්‍යාග කර ඇත. ආපදා ආධාර ලෙස මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන දෙකක මුල්‍යාධාරයක් ලබාදී තිබිණි.
එමෙන්ම චීනයද ආපදාව සදහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් හා යුවාන් මිලියන 10ක වටිනාකමෙන් යුත් සහනාධාර පැකේජයක් එක්සත් රාජධානියයෙන් ඇමරිකානු ඩොලර් 890,000ක් ලබා දී තිබිණි.
එ් අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම ආපදා ආධාර ප්‍රමාණයක් ලැබී ඇත්තේ මාලදිවයිනෙන් වීම විශේෂත්වයකි.
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහාය වීමට රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගිණුම් වෙත දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රුපියල් කෝටි හැත්තෑවක (මිලියන 700ක්) පමණ මුදලක් පරිත්‍යාග කර තිබූ බව අවසන් යාවත්කාලීනවල දැක්වින.
මෙම වාර්තා අනුව ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රටවල් හා ජනතාවගේ පරිත්‍යාග ලෙස ලැබී ඇති මුළු මුල්‍ය ආධාර ප‍්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් මිලියන 2800ක් (කෝටි 280) පමණ වෙයි.
ශ්‍රී ලංකාවට සුළි කුණාටුන් සිදු වූ හානිය ඩොලර් බිලියන හයක් නොඑසේ නම් රුපියල් බිලියන 1,800 ක් (කෝටි 180,000) පමණ වන බවට අවසන් නොවන තක්සේරු කිරීම් වලින් පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයා විසින් මෑතක පාර්ලිමේන්තුවේදී පවසන ලද හානි පූර්ණය සදහා වන සහන පැකේජයේ වටිනාකම රුපියල් බිලියන 300 ක් ආසන්න වෙයි.

ආපෝ, ඕවා මොන ආධාරද. ලැජ්ජයි, ලංකාවට කිසිම පිලිගැනීමක් නෑ. දියුනු රටවල් ලංකාවේ ආන්ඩුව ගනන් ගන්නේ නෑ.
ReplyDeleteWe must appreciate Maldives & Pakistani because they also had hart time
DeleteME PILIWELAK NETHI ADARA BEDILLA HIMDA PRESIDENT KELAWA GANNAWA GOYABATATH KALIN. DEYAK PORONDU WENNA KALIM EKA KARANA VIDIHAK HITHANNA ONA. WE DON'Y TAKE EVEN SILLY DECISIONS AT OUT FAMILY LEVELS. IMEXPERIENCE SHOWN THROUGHOUT THR CAMPAIGN.
ReplyDeletepatta horekuta ewaa baara denne...muge munenma penawaa ewata wenna Yana de...serama munge hora guhawata adyi...pelawatte ..
ReplyDeleteමාල දිවයිනෙන්, ඉන්දියාවෙන්, පකිස්ථානයෙන්, බංග්ලාදේශයෙන් දෙන මිලියන එකක් හෝ දෙකක් ඔව්න්ගේ රටේ තත්වයට අනුව ලොකු මුදලක්. නමුත් බටහිර රටවලින් මිලියන් එක හෝ දෙකක් මේ පැත්තට දානවා කියන්නේ අපහසයක්.
ReplyDeleteඒවා ස්තුති පුර්වකව බාරගත්තට කමක් නැහැ. හැබැයි එක ඕනවට වඩා පුම්බන්න යන්න එපා.
ඊට වඩා අපි රටක්ක් හැටියට ලජ්ජා වෙන්න ඕනෑ රජයක් හැටියට අපදා කළමනාකරණයට කිසිම සුදානමක් නොතිබීම ගැන