මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයේ තිබි පුද්ගල මළසිරුරක් (02) දින පස්වරුවේ සොයාගත් බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පැවසීය.
එම
ඔයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ පාවෙමින් මළ සිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින්
ලබා දුන් තොරතුරක් මක සිරුර සොයා ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
පසුගිය
දින කිහිපය තුල හැටන් ප්‍රදේශයට ඇදහැලුණ අධික වර්ෂාවත් සමග හැටන් ඔය අසල හැටන්
ශැනන් වත්ත ප්‍රදේශයේදි පස් කන්දකට යට වූ පුද්ගලයාගේ මල සිරුර බවට වටවල පොලිසිය
සැකකරයි.
පස්
කන්ද කඩා වැටෙන අවස්ථාවේ එම පස් කන්දේ විශාල පස් තොගයක් හැටන් ඔයට වැටී තිබුණි.
රංජිත් රාජපක්ෂ
