කොහුවල වෙඩි තබයි...

 


2025.12.22 වන අද දින රාත්‍රී 0830 ට පමණ කොහුවල පොලිස් වසමේ කොහුවල හන්දිය හා නුගේගොඩ හන්දිය අතර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් එම පුද්ලගයා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 25 ක් වන බෝධියාවත්ත, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Previous Post Next Post