රටට බලපෑ ආපදා තත්වයෙන් වූ හානිය කොපමණදැයි සම්පූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කළ හැක්කේ මාස හයකට පසුව බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.
කෙසේ වෙතත්, ආපදා ප්‍රමාණයේ දළ ඇස්තමේන්තුව මේ මස 15 වන දායින් පසු ඉදිරිපත් කළ හැකි බව නියෝජ්‍ය ඇමතිවරයා කීය.
අනතුරේ තරම නොදැන විවිධ විග්‍රහ කිරීමෙන් වැරදි ප්‍රචාරයක් ජනගත වන බව ද මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, මෙම ඇස්තමේන්තුව සැකසීම ඇතුළු සියලු කටයුතු රීබිල්ඩින් ශ්‍රී ලංකා ( rebuilding sri lanka) මගින් කළ බව ත් එහි පළමු අදියර ලෙස අවතැන් වූ, ආපදාවට ලක් වූ ජනතාවට ආහාරපාන සහ අනෙක් පහසුකම් ලබා දී ඔවුන්ව සුරක්ෂා මධ්‍යස්ථානයකට යොමු කරන බව ඔහු කීය.
එය මේ වන විට සිදුකරමින් පවතින බව ත් දෙවන පියවර ලෙස සිදු වූ ආපදා හානි ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳව ගණනය කිරීම හා ඒවා නැවත ගොඩනැගීම කළ යුතු බව ත් ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා පැවසුවේ, රටවල් විශාල සංඛ්‍යාවකින් දැනට මූල්‍ය ආධාර සහ ද්‍රව්‍යමය ආධාර තවදුරටත් ලැබෙමින් පවතින අතර විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඇතුළු තවත් පාර්ශ්ව බොහොමයකින් ද රටට මුදල් ඇතුළු විවිධාකාරයේ ආධාර ලැබෙමින් පවතින බව ය.
කෙසේ වෙතත්, රජය විසින් rapid financial instrument හරහා ඩොලර් මිලියන 200ක් ඉල්ලා තිබෙන අතර එය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මේ වන විට රජය විසින් ආපදාවට වෙන් කිරීම සඳහා ඩොලර් බිලියන 2ක් හෝ 3 ක් අවශ්‍ය බව දළ වශයෙන් ගණනය කර ඇති නමුත් ඇතැම් පාර්ශ්ව ඩොලර් බිලියන 5ක් 6ක් පමණ ආපදා සහන සඳහා අවශ්‍ය බව පෙන්වා දී ඇති බව ය.
රීබිල්ඩින් ශ්‍රී ලංකා හරහා ලෝක බැංකුවේ විශේෂඥ කණ්ඩායමක් හා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආයතන එක්ව අදාළ ඇස්තමේන්තුව සකසමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය දිනවල විපක්ෂයේ රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් ආපදා හානි පිළිබඳ ඇස්තමේන්තු විවිධ ගණන්වලින් පෙන්වා දුන් නමුත් ඔවුන්ගේ රජයන් යටතේ භාණ්ඩාගාරය හිස්කොට ගොස් මෙවැනි ප්‍රකාශ කිරීම විහිළුසහගත බව ද ඔහු කීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙවැනි ඇස්තමේන්තුවක් ආවාට ගියාට ඉදිරිපත් කළ නොහැකි බව කවුරුත් අවබෝධ කර ගත යුතු බව ය.
- මව්බිම

සුලි කුණාටුව එන බව දැන දැනත් රටට හැංගුවා. මිනිස්සු දහස් ගානක් නිරපරාදේ මැරුනා.ඇත්ත මැරුනු ගාන කීවොත් උඹලා දුටුතැන ගහලා මරන සයිස් එකකට එනවා. ඒ හින්දා පුලුවන් තරම් කල් ගනින් ඇත්ත කියන්න.
ReplyDelete