ගුටි කෑ කොස්තාපල් හිරේ.. ගුටි දුන් මන්ත‍්‍රී නිදහසේ...

 


පසුගියදා ඇතිවුණු ආපදා තත්වය රටට දැනුම් දුන් පුද්ගල‍යින්ට හෝ මාධ්‍ය ආයතනවලට දඬුවම් කිරීමට උත්සාහ කිරීම අසාධාරණ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 

එමෙන්ම, සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමඟ ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් එම පොලිස් නිලධාරියාට පහර දී ඇතත්, මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගෙන නොමැති බවය. ඒ වෙනුවට මෙම සිද්ධිය පිළිබඳව රටට දැනුම්දුන් මාධ්‍ය ආයතන මර්දනය කිරීමට ආණ්ඩුව උත්සහ දරණ බව ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“ අපි දැක්කා පහුගිය දිනක මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගංජා වවලා තිබ්බා. හැබැයි ගංජා අල්ලන්න ගියපු පොලිසියේ නිලධාරියට පහර දුන්නා. අනිත් එක්කෙනාව ස්ථාන මාරු කරා. පහර දීලා ගුටි කාපු කෙනා හිරේ ගිහිල්ලා තියෙනවා. අර ‘ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා’ වගේ. ගුටිකාපු කෙනා හිරේ. ගහපු කෙනා එළියේ. ගංජා අයිතිකාරයත් එළියේ. අල්ලපු නිලධාරියා හිරේ. ගහපු මන්ත්‍රීත් එළියේ.

හැබැයි ඒ පිළිබඳව රටට ලෝකෙට දැනුවත් කරා කියලා මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. පොලිසියේ පොලිස්පතිවරයටත් ලැජ්ජ නැහැ තමන්ගේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා දම්මලම මේ කාරණය පිළිබඳව රටට කියන්න. මොකද මේ හංදියක් හංදියක් ගානේ වෙඩි තියලා මනුස්ස ජීවිත නැති කරනවා සංවිධානාත්මක අපරාධකරුවාන්. ඒවා හොයන්න වෙලා නෑ. අනිත් පැත්තෙන් පොලිසියේ ගෞරවය ආරක්ෂා කරන පොලිස් නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කරන පොලිස්පතිවරයා හෝ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා මැදිහත් වෙන්නේ නෑ.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට නැත්නම් ජේ.වී.පී එකේ මාධ්‍ය ප්‍රකාශවරයා බවට පොලිස්පතිවරයා සහ පොලිසිය මාධ්‍ය ප්‍රකාශවරයා පත්වෙලා තියෙනව”

2 Comments

  1. Polis karaya guti kala nene
    Drinks da gatta welawaka giya podi waliyak neda me

    ReplyDelete
    Replies
    1. හෝදන්න එපා කොලුවෝ

      Delete
Previous Post Next Post