වතුකරයේ අඩු වයස් කාන්තාවන් ගැබ් ගැනිම් හේතුවෙන් එම
කාන්තාවන් පත්වන විවිධ දුෂ්කරථාවන් වලක්වා ගන්නා අකාරයන් හා අඩු වයස් ගැබ්ගැනිම්
වලක්වා ගන්නා අකාරයන් පිලිබදව වතුකරයේ තරුණ පිරිස් දැනුවත් කිරිමේ වැඩ සටහනක් 20වන
දින සාමිමලේ කෝවිල් ශාලාවේදි පවත්වන ලදි.
ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ අන්තර්කරනය, සංහිදියාව සහ
සමාජ සාධාරන්තවය උදේසාවු බහු විධක්‍රියාකාරිත්ව ව්‍යාපෘතිය සහ නුවරඑළිය දිස්ත්‍රික්
අන්තර් ආගමික කමිටුව ඒකාභද්ධව වතුකරයේ ආන්තිකරණයට ලක්වු කාන්තාවන් සෞඛ්‍ය සේවාවන්
දැනුවත් කිරිම යන තේමාව යටතේ මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මස්කෙළිය සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු
පිරිසක් අදාල වැඩ සටහන මෙහෙයවන ලදි.
මෙහිදි වතුකරයේ පාසල් යන තරුණ තරුණියන් අතර පවතින විවිධ
සම්බන්දතා හේතුවෙන් පාසල් යන අවධියේම මෙම තරුණියන් ගැබ් ගැනිම් හේතුවෙන් සිය දිවි
හානි කර ගන්නා අවස්ථාවන්ද ඇතිවන බවත් මෙම තත්වයන් මත වතුකරයේ පාසල් යායුතු තරුණ
තරුණියන්ගේ පාසල් ගමන් නතරවිමේ අවදානම් තත්වයන් මතුවන තත්වයන් පවතින බවත් එම
තත්වයන් වලක්වා ගැනිම සදහා තරුණ පිරිස දැනුවත් කිරිමට මෙහිදි පියවර ගන්නා ලදි.
මෙවන් තත්වයන් මත වතුකරයේ අනාගත පරපුර පත්වන අවසානාවන්ත
තත්වයන් පිලිබදවද එම තරුණ පිරිස දැනුවත් කිරිම සදහා කටයුතු කල අතර මෙම තත්වයන්
වෙනස් කර වතුකරයේ තරුණ පිරිස යහපත් සෞඛ්‍ය තත්වයන්ගෙන් පිරි පිරිසක් බවට පත් විය
යුත්තේ කේසේද යන්න පිලිබදවද එම පිරිස දැනුවත් කිරිම සිදු කරන ලදි.
මෙම අවස්ථාවට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු
නියෝජනය කරමින් තරුණ තරුණියන් 200ක පමන පිරිසක් එක්ව සිටින ලදි.
මනුර සුදත් සෙල්ලහේවා
