අවතැන් කදවුරුවල නළු නිලියන් රසවින්දන වැඩසටහන්....


දිට්වා සුලි කුණාටුවෙන් කොත්මලේ ප්‍රදේශයේ නායයෑමෙන් ආපදාවට ලක් වි අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ දැමීම සදහා කලාකරුව්න පිරිසක් (12) දින කොත්මලේ අඹතලාව අවතැන් කදවුර වෙත ගොස් එම ජනතාව සමග එක්ව රස වින්දනාත්මක වැඩසටහන් ගනණාවත් ඉදිරිපත් කරනු ලැබුවා.

මහවැල් කේන්ද්‍රය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට තරින්ද්‍රි ප්‍රනාන්දු, ප්‍රියන්ත සිසිර කුමාර, සේමිනි ඉද්දමල්ගොඩ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, චතුර රාජපක්ෂ, චමත්කා ලක්මිණි, දනුෂි දිසානායක ඇතුලු කලා කරුවන් 08 දෙනෙකු ඒ සදහා සහභාගි වී එම කදවුරේ සිටින අවතැන් වුවන් සමග ගීත ගයනා කරමින් වැඩසටහන දියත් කල අතර, එම වැඩසටහන (12-13) දිනවල කොත්මලේ ප්‍රදේශයේ පිහිටුවා ඇති අවතැන් කදවුරු ගණනාවක සිදු කිරිමට නියමිතය.

මෙම වැඩසටහන සදහා එම කලාකරුවන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී ඇත

- රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post