ප්‍රා.ලේ. සේවකයින් සේවයෙන් ඉවතට.. අස්වැසුම ප්‍රතිලාභීන් විරෝධතාවයක..


 තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කිරිමට තරම් භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බව පවසමින් එම කාර්යාලයේ සේවකයින් සේවා කටයුතුවලින් බැහැර වීම නිසා අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට තොරතුරු යාවත්කාලින කර ගැනීමට පැමිණ සිටි ප්‍රතිලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලෙමින් නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.

තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තලවකැලේ ලිදුල නගර සභාවට අයත් සේවා පියස ගොඩනැගිල්ලේ උඩු මහලේ පවත්වාගෙන යන අතර, එම ගොඩනැගිල්ල තුල නිළධාරින් ඇතුලු සේවකයින් 142 ක් සේවය කරන බවත්, එම ගොඩනැගිල්ල තුල ප්‍රමාණවත් භෞතික සම්පත් නොමැති වීම හමුවේ නගර සභෘව සතු සේවා පියස ගොඩනැගිල්ලේ පහත මාලයද ලබා දෙන ලෙස බලකරමිනුයි සේවකයින් සේවා කටයුතු වලින් බැහැර වූයේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් සහ සේවකයින් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ මලිදුව ලියනගේ උපාලි මහතා සහ නාගරික මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වමෙන් අනතුරුව නගර සභෘවේ සභෘපතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යෑමට ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා එම ගොඩනැගිල්ලේ පහත මාලයද තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දිමට තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේ එකගතාවය පල වී ඇති බවයි.

එම ගොඩනැගිල්ලේ පහත මාලය ලබා දිම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදය අනුව සිදු කල යුතු බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා පැවසීය.

පවතින ගැටළුව සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් සහ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් සහ තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් (30) දින පස්වරුවේ එම කාර්යාලයේදි පැවැත්විණ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය කියා සිටියේ, තලවකැලේ ලිදුල නගර සභාවට අයත් සේවා ගොඩනැගිල්ලේ පහත මාලයද ලබා දීමට නගර සභාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, එම ගොඩනැගිල්ලේ පහත මාලය ලබා දිම අදාළ තක්සේරු වාර්ථාවක් නගර සභාව මගින් කැදවා ඇති බවයි.

දැනට එම ගොඩනැගිල්ලේ පෙරපාසලක් පවත්වාගෙන යන බවත්, 2026 වසරේ මුල් මාසය තුල පෙරපාසල පවත්වාගෙන යෑමට වෙනත් ස්ථානයක් නගර සභාවෙන් ලබා දීමෙන් අනතුරුව තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහල් දෙකෙහිම සේවා කටයුතු පවත්වාගෙන යැමට අවශ්‍ය නෛතික පියවර ගන්නා බවයි.

Previous Post Next Post