ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම් කළමනාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.
මෙම මූල්‍ය පහසුකම හදිසි මූල්‍ය උපකාර යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබේ.
සුළි කුණාටුවේ බලපෑම සහ හදිසි ආධාර නොවැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගල මරණ 600කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වූහ. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී ඇති අතර, මෙරට යටිතල පහසුකම්වලට සහ ජීවනෝපායන්ට දැඩි හානි සිදු විය. මෙම තත්ත්වය හමුවේ රටේ ගෙවුම් ශේෂය සහ රාජ්‍ය මූල්‍ය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට මෙම හදිසි මූල්‍ය සහනය උපකාරී වනු ඇත.
විස්තීර්ණ අරමුදල් පහසුකම සහ පස්වන සමාලෝචනය සුළි කුණාටුවෙන් සිදු වූ ආර්ථික බලපෑම තක්සේරු කිරීමට සහ මෙරට යළි ගොඩනැඟීමේ කටයුතුවලට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා දිය හැකි හොඳම ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍ය වී තිබේ. මේ හේතුවෙන්, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ පැවැත්වීමට නියමිතව තිබූ පස්වන සමාලෝචනය තාවකාලිකව කල් දමා ඇත. ඒ පිළිබඳ සාකච්ඡා 2026 වසරේ මුල් භාගයේදී යළි ආරම්භ කිරීමට නියමිතය.
IMF නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂවරයාගේ ප්‍රකාශය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරාමහතා මෙසේ පැවසීය.
"විනාශකාරී සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත මානුෂීය සහ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා මතු වී තිබෙනවා. රජය විසින් 2025 වසරේ ලැබූ ශක්තිමත් මූල්‍ය අතිරික්තය ද යොදාගනිමින් මේ සඳහා කඩිනම් සහන වැඩපිළිවෙළක් දියත් කිරීම අගය කළ යුතුයි. මෙම සියලු හදිසි වියදම් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට රජය දක්වන කැපවීම වැදගත් වනවා."
තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් මිදී එමින් පවතින අවස්ථාවක මෙම ව්‍යසනය සිදු වුවද, රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට රජය කැපවී සිටින බවයි.
අපහසු කාලපරිච්ඡේදයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජනතාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැමවිටම සිටින බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපන කටයුතු සඳහා අඛණ්ඩව සහාය දක්වන බවත් මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

තවත් කීයක්ද? 🤥😱
ReplyDeleteඉල්ලුවේ මිලියන් 200 යි. 206 ක් දීලා.
ReplyDelete