2024 ජනවාරි 30 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැති සාමකාමී සත්‍යග්‍රහයක නිරතව සිටියදී කොටුව පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තියට අනුව සාමකාමීව රැස්වීමට පුරවැසියන්ට ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පවත්වන උද්ඝෝෂණවලදී ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොමැති බවයි.
සාමකාමී මහජන උද්ඝෝෂණ පැවැත්වීම අපරාධමය වරදක් නොවන බවද අධිකරණය මෙහිදී අවධාරණය කළේය.
සාධාරණ උද්ඝෝෂණයක් අදාළ උද්ඝෝෂණයෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කර ඇති බැවින්, එදා පැවැති විරෝධතාව සාධාරණ හා සාමකාමී එකක් බව අධිකරණයේදී තහවුරු විය.
ඒ අනුව, මෙම සිදුවීම අපරාධමය වරදක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට කොටුව පොලිසියට නීතිමය පදනමක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු ක්‍රියාකාරීන් පිරිස අදාළ නඩුවෙන් නිදහස් කිරීමට තීරණය කළේය.
කෙසේ වුවද, පොලිසියට අවශ්‍ය වන්නේ නම් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට බාධාවක් නොමැති බවද අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේය.
