බෙල්ලන වැඩ තහනම් කර ඇත්තේ බාල බෙහෙත් ගැන මාධ්‍යයට ප‍්‍රකාශ කලා කියා..

 


බාල ඖෂධ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කළේ යැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ වැඩ තහනමකට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බාල බෙහෙත් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් මෙය මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ඔහු පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මගින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.

චෝදනා පදනම පවත්වා ඇති මූලික විමර්ශනයකට අනුව (MH/FS/PI/14/2025/A-197/377), වගකිව යුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස පූර්ව අනුමැතියකින් තොරව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම වෛද්‍ය බෙල්ලන මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. 

එම ප්‍රකාශ හරහා රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මෙන්ම මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නෛතික පියවර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයාගේ නියමයකට අනුව මෙම තීරණය ගෙන ඇත. 

ඒ අනුව ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 31:1:15 වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම් කිරීම සිදු කර තිබේ. 

විශේෂ කොන්දේසි වැඩ තහනමට ලක්ව සිටින කාල සීමාව තුළ වෛද්‍ය බෙල්ලන මහතාට බලපැවැත්වෙන පරිදි පහත කොන්දේසි පනවා ඇත.

තම භාරයේ ඇති රජයේ බඩු බාහිරාදිය ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කරන අයෙකුට භාර දිය යුතුය.

  • වැඩ තහනම් කාලය තුළ දිවයිනෙන් බැහැරව නොයා යුතුය.
  • පදිංචි ලිපිනයේ වෙනසක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නිසි බලධාරීන් දැනුවත් කළ යුතුය.
  • රාජ්‍ය නිලධාරියෙකුට හිමිවන සාමාන්‍ය අනුග්‍රහයන් මෙම කාලසීමාව තුළ ඔහුට අහිමි වනු ඇත.
  • මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙම තීරණය සම්බන්ධයෙන් අදාළ සියලුම අංශ සහ උසස් නිලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

2 Comments

  1. මුන් ට (ඉංදියාව එක්ක හොර ගිවිසුම් ගහලා) බාල බේත් ගෙනත් මිනිස්සුන්ට පොවන්න හොඳයි; බාල බේත් පොවලා මිනිස්සුන්ව මරන්න හොඳයි

    තියෙන්නේ බාල බේත් ය කියලා කියන්න විතරක් නරකයි

    යකෝ තියෙන්නේ බාල බේත් ය කියලා කිව්වාම ඒවා නොබී ඉඳලා මිනිස්සුන් ට පණ බේර ගන්න හරි පුළුවන් නේ

    ReplyDelete
  2. කාලකන්නි ආණ්ඩුව මිනිස්සු මරණවා .

    ReplyDelete
Previous Post Next Post