අල්ලස් ගනිද්දී පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට...


ජා - ඇල දඩුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති රන් භාණ්ඩ පැමිණිලිකරු මිලදී ගෙන ඇති බවට පවසා, එම සොර බඩු සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට හා අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට රු. 300,000/-ක මුදලක් හා රන් පවුම් 4 ක ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු. 250,000/-ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධව ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානයේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා 2025.12.25 වන දින ප.ව. 03.10ට පමණ ගම්පහ තක්ෂිලා මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


1 Comments

  1. තවත් ඉන්නවා ඒ වගේ අය ඔය පොලිසියේ.අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව ගන්න.අත්තනගල්ල උසාවියෙත් ඉන්නවා.බන්ධනාගාරයෙන් නඩුවලට අරන් එන සැකකරුවන්ට දුම්කොල, සහ වෙනත් ද්‍රව්‍යයන් හොරෙන් ගෙනත් දෙන්නේ ජේලර්ලා.ඒකෙන්ම තේරුණා මොබයිල් ෆෝන් එහෙම ඇතුලෙ තියාගන්න විදිය.ක්ෂනිකව කූඩුව පරීක්ෂා කලොත් බලාගන්න පුළුවන් වැඩේ හැටි.

    ReplyDelete
Previous Post Next Post