ධම්මිකට ඇප.. අර්ජුන අත්අඩංගුවට ගන්න යයි..


අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප්ත කරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හැර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ මෙම ඇප නියෝගය නිකුත් කර තිබේ. 

කොමිසම තව දුරටත් අධිකරණයට කියා සිටියේ  මෙම සිද්ධිය සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

2017 - 2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදු වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කලේ යයි සිදු කරන පරීක්‍ෂණයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබින.

Previous Post Next Post