කොහුවල, සරණංකර මාර්ගයේ බෝධියවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි පාසල් වියේ පසුවන දැරියක් තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන පරිදි, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇය පදිංචි නිවසට යාබදව පිහිටි නිවස ඉලක්ක කරගනිමිනි.
තුවාල ලැබූ දැරිය මෙම වෙඩි තැබීමේ සෘජු ඉලක්කය නොවූ බව මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත.
ප්‍රහාරකයින් අසල පිහිටි නිවසකට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, එහිදී අදාළ දැරිය වෙඩි වැදීමකට ලක්ව තිබේ.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ මෙම වෙඩි තැබීම වැරදුණු ඉලක්කයක් හේතුවෙන් සිදු වූවක් බවයි.

හිතා මතා නොකරපු වෙඩි තැබීමක් ලු. එහෙනම් කමක් නෑ. ඒ ගැන හොයන්න ඕනැත් නෑ. වැරදිලා වෙඩි වැදුනම ඒවා ඔට්ටු නෑ.
ReplyDelete