ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පසුපස ජවිපෙ දෙදෙනෙකු යොදවයි..

 


මෙරට ආණ්ඩුකාරවරුන් දෙදෙනකු පසුපස ජනතා විමුක්ති පෙරමුණේ දෙදෙනෙකු ට යොදවා ඇති බව ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.

ඔවුන් ආණ්ඩුකාර ලේකම්වරුන් විදියට පත්වීම් කර ඇති බවද ඔහු කියා සිටී.

ඒ හේතුවෙන් තීරණ ගැනීමට නොහැකියා යයි එම ආණ්ඩුකාරවරුන් තමන් හා පැවසූ බවද හෙතෙම සඳහන් කරයි.

ඔහුගේ සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කරමින් පළ කර ඇති සටහන මෙසේය.

"අනුරතුමා පත්කරපු අණ්ඩුකාරයො [අඩුගානෙ දෙන්නෙක්] මට කීව ඒ අයට තීරණගන්න බැහැ ජෙප්පො දෙන්නෙක් ලේකමාල විදියට දාල ඉන්නෙ කියල. 

ටිල්වින් ඇහැව්ව ‘කවුද කිව්වෙ’ කිය කියා මගෙ කටින් නම් ගන්න හැදුවට මම කිව්වෙ නැහැ, කියන්නෙත් නැහැ මේ දිත්වා ව්‍යසනය නිසා මට ඕව ලියන්න බැරි උනා. 

නමුත් මම මගේ වගකීම ඉටුකළා. පැලවතුකරණයට එරෙහි දේවල් මම ටිල්ලිං අයියට කීව. 

අමුම අමු * ගොඩක්. නහය වහගෙන ඉන්නන ආණ්ඩු පක්ෂයෙම මන්ත්‍රීලම කට අරිනකං අනිත් කේස් ගැන"

Previous Post Next Post