සහනාධාර බෙදන්න පහසු කරන්න ඇමති නියෝජිතයන් ප‍්‍රා.ලේ. කාර්යාලවලට එක් කරයි...

 


සුළි කුනාටුවන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන කටයුතු සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අමාත්‍යවරුන්ගේ නියෝජිතයන් පත්කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා පල වෙයි.

හුවමාරු වන ලේඛණයක් අනුව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට සිය ලිපි ශීර්ෂයෙන් ලිපියක් එවමින් දැනුම් දී ඇත්තේ ඇමුණුම් ලේඛනය අනුව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තාවකාලිකව මෙම නියෝජිතයන් සම්බන්ධ කරන ලෙසයි.

ඊට අදාල ලේඛණ සමාජ ජාලවල හුවමාරු වේ.


Previous Post Next Post