බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් හදයි...


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් ඉදිකිරීම සඳහා 2015-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ යටතේ Block 01 සහ Block 02 වශයෙන් ගොඩනැගිලි සංකීර්ණ 02 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. 

Block 01 ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත සහ Block 02 ගොඩනැගිලි සංකීරණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ එවකට පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙය වීම මත ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇත. 

රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ Block 02 ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර තිබේ. 

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත අදාළ විෂය පථය සංශෝධනය කර ඇති අතර, Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ඉහළ මහලේ වහලය දක්වා ඉදිකිරීම් සිදු කර, එම ගොඩනැගිලි සංකීර්ණය 2025-10-31 දින ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට පියවර ගෙන ඇත. 

Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ තවදුරටත් නිම කළ යුතු වැඩ අවසන් කිරීම සඳහා ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් රුපියල් මිලියන 199.13 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව, එකී ඇස්තමේන්තුව මත පදනම්ව එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ නිම කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1 Comments

  1. NGO වල වැඩ කරපු උන්ට තියෙන්නේ පුදුම පු # අමාරුව ක් මේ රටේ සිංහල අන න්‍ය තව නැති කරන්න.වාමාංශික### පුතා ලා යුරෝපයේ අමෙරිකාවේ කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ මේ විදියට මුල් ජාතීන් වෙනුවට බහු ජාතික රටවල් හදන්න ගිහිල්ලා අද ඉල්ලන් කන ව .ක්‍රිස්තියානි රටේ ක්‍රිස්මස් market එකක් තියා ග න්න ලොකු නත්තල් ගස ක් හදන්න බෑ විනාස කරලා දානවා.ජේසු බිලිඳ පිළිරුවෙ ඔලුව කඩා දානවා.ලංකාවේත් බුදුපිළිම කඩා පටන් ගත්තා ට අපේ මිනිස්සු සැර නිසා ඒක නැව තු නා නමුත් මේ නිව ට woke ලිබරල්/වාමාංශික දේශපාලු ව න් ඉතිහාසය උගන්වන එක නවත්වන්නලා කරන්න හදන්නේ රටේ නියම ඉතිහාසය නොදන්නා බුදුදහම නොදන්නා පරම්පරා වක් බිහි කරන එක එවිට වෙන්නේ අද යුරෝපීයය සුද්දාට වෙන දේ.නුගත් මාලිමාව ලිං ගෙම්බ න් මෙවා දන්නේ නෑ

    ReplyDelete
Previous Post Next Post