හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදි කර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (12) දින පස්වුරවේ සිට යලි යථා තත්වයට පත් කල බව නෝර්වුඩ් මාර්ග සංවර්ධාන අධිකාරියේ නිළධාරියෙකු පැවසිය.
දිට්වා
සුලි කුණාටුවත් සමග එම පාලම ඉකුත් (29) දින ගිලා බැසීමට ලක් වූ නිසා එම මාර්ගයේ
ගමනා ගමන කටයුතු එදින සිට (12) දින උදෑසන දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.
ශ්‍රී
ලාංකා යුධ හමුදාවේ පල්ලේ කැලේ පිහිටි 31වන ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන
අධිකාරිය විසින් මීටර් 15ක දිගකින් යුත් යකඩ පාලමක් මේ වන විට සවි කර අවසන් අතර,
(12) දින පස්වරුවේ සිට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් කර ඇති බවයි
නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විදායක ඉංජිනේරුවරයා කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ

රණවිරුවන් වැඩ පෙන්වයි. හැබැයි මම හරක්ට ඒ වීරයන් සෙබළු විතරයි
ReplyDelete