අවතැන් ජනතාවට අපි පක්‍ෂ අරමුදලෙන් කෑම බීම දෙන්නේ..- විජිත

 


ආපදා තත්ත්වයන් හමුවේ විපක්ෂයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමාත්‍ය විජිත හේරත් මහතා ස්වාදීන රෑපවාහිනියේ වැඩසටහනකදී  පැවසවේ  පක්ෂය ආණ්ඩුවක් ලෙස රජයේ යාන්ත්‍රණය මෙන්ම පක්ෂයේ සම්පත්ද භාවිතා කරමින් සහන සේවා කටයුතු සිදු කරන බවය. 

තම පක්ෂයේ සාමාජිකයන් හුදෙක් පක්ෂ අරමුදල් පමණක් නොව, තම පෞද්ගලික මුදල් පවා වියදම් කරමින් මෙම කැප කිරීම් සිදු කරන බව ඔහු අවධාරණය කළේය.

විපක්ෂයෙන් චෝදනා එල්ල වන්නේ පක්ෂ අරමුදල් ආධාර ලබා දීම සඳහා පාවිච්චි නොකරන්නේ මන්ද යන්න පිළිබඳවය. ඊට ප්‍රතිචාර දක්වමින් අදහස් දැක්වූ ඔහු, තම පක්ෂය ආණ්ඩුව බැවින් ආණ්ඩුවේ යාන්ත්‍රණයද භාවිතා කරන අතර, පක්ෂයක් විදිහටද සම්පත් භාවිතා කරන බව පෙන්වා දුන්නේය.

මෙම සහන සේවා කටයුතුවලදී පක්ෂ සාමාජිකයන් දැවැන්ත කැපවීමක් සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම විපත්දායක අවස්ථාවේදී පක්ෂයේ සම්පත් භාවිතා කරන බවත්, ආණ්ඩුවේ සම්පත්වලට අමතරව පක්ෂයේ මුදල් පාවිච්චි කරමින්, විපතට පත්වූ ප්‍රදේශවලට කෑම බීම ලබා දීමට සහ විවිධ සහන සේවා සංවිධානය කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මෙම කැප කිරීම් සහ මුදල් වියදම් කිරීම එදත් කළ බවත්, අදත් අඛණ්ඩව සිදු කරන බවත් තවදුරටත් අවධාරණය කළේය

11 Comments

  1. තොපේ බොරු දැන් කවුරුවත් අහන්නෑ බොල...

    ReplyDelete
  2. මොනවා හරි කියන්න ඕනා දැන්. නොහැකියාව ඉස්මතුවෙලා ඉවරයි. මුන්ගේ ආධාර වලින් දැන් මුළු රටම ගොඩ දායි. බුරුල් කදු ටිකත් නැවත තද කරයි. මුන්ට ඊළගට විනාශය එන්නෙ ඔය පස් බුරුල් වෙච්ච කදු ටික පොඩි වැස්සකටත් නාය යනවා. එතකොට තමයි සාපය double වෙන්නෙ. බලාගෙන හිටපියව් මොන්ටිසෝරි team එක ඊළගට මොකද වෙන්නෙ කියලා.

    ReplyDelete
  3. වැස්ස දැන් අඩු වී ගිහ්ල්ලා...
    ටිකෙන් ටික ටික එළියට වරෙල්ලා...
    උඹල ගේ වාරය ඇවිල්ලා...
    කියවපල්ලා කියවපල්ලා...

    ReplyDelete
  4. කිසිම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ගැන අවබෝධයක් නැති... පොතේ උගතුන්ට රට බාර දිලා මිනිස්සු කර ගත්ත විනාශයක් 🐒🙉🙈 හා නැද්ද අම්මපා 🤏

    ReplyDelete
  5. දකුණු ආසියාවේම හොඳම සෞඛ්‍ය සේවය ඒ මිනිස්සු ගොඩනඟනකොට LTTE සහ JVP රෝහල් විනාශ කළා. වෛද්‍යවරු ඝා තනය කළා. වෛද්‍ය ශිෂ්‍යයින්ව කැට හොල්ලන්න පාරට දාල ඒ එකතු කරපු සල්ලිවලින් වසන්තලා කෝටිපතියො වුනා.
    දකුණු ආසියාවේ හොඳම නිදහස් අධ්‍යාපනය ඒ මිනිස්සු හදනකොට LTTE සහ JVP එකෙන් පාසල් ගිනි තිබ්බා, බෝම්බ ගැහුවා, ගුරුවරු ඝා තනය කළා. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැටහොල්ලන්න දාලා ඒ සල්ලිවලින් JVP සහෝදරවරු කෝටිපතියො වුනා. බිමල් විතරක් නෙමෙයි බිමල්ගෙ නෝනත් චතුරංග විතරක් නෙමෙයි උගෙ තාත්තත් පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු වුනා.
    හැම ගෙදරකටම ලයිට් තියෙනව.
    හැම ගෙදරකටම වතුර තියෙනව.
    වාරිමාර්ග පද්ධති හදල තියෙනව.
    තොරතුරු තාක්ෂණය දියුණු කරල තියෙනව.
    අන්තර්ජාල දුරකථන සම්බන්ධතා ආදිය ලෝකය හා සමගාමීව ඉදිරියට යනව.
    ප්‍රවාහන පද්ධතිය ඉතාම ඉහළ මට්ටමක තියෙනව. ලංකාවෙ ඕනෙම තැනක ඉඳල ඕනෙම තැනකට යන්න පොදු ප්‍රවාහන පහසුකම් තියෙනව.
    ඔය හැම එකක්ම හදනකම් JVP එකෙන් කළේ උද්ඝෝෂණ වැඩවර්ජන සහ අකුල් හෙලීම විතරයි.

    ReplyDelete
    Replies
    1. හරිම සත්‍යවාදී ඉදිරිපත් කිරිමක්.

      Delete
  6. කුහක හැත්ත කාටවත් ආණ්ඩු කරන්න දුන්නේ නෑ දැන් බොරු කියලා බලය අරගෙන කෙලවගෙන ඉන්නේ

    ReplyDelete
  7. වතුරෙ පීනන උන්ට ගොඩ ඉදන් පීනන්න කියලා දිදී ආතල් එකේ හිටිය පීනන්න නොදන්න එකාව වතුරට තල්ලු කල 68ලක්ශේ උඹලට නම් හොදක් වෙන්නෙ නෑ.

    ReplyDelete
  8. අර ගම්වල හැදුනු වාමාංශිකයන් ලංග තියන සමාජයේ ඉහල තැන්වල ඉන්න අයට විරුද්දව තිබෙන වෛරය, ක්රෝදය ඉරිසියාවයි. බලු වලිගේ කෙලින් කරන්න අමාරුයි .ජනපති වුනත් උත්පත්තියේ ප්‍රශ්නයක් තියෙනවා

    ReplyDelete
  9. Ow ow

    Thopi Kata Hollala , Ata Holla Hoyagatha Buudale Palawatte athine..

    Mun wage Khuaka Pajaatha wesige puthala set ekak loweth na

    ReplyDelete
  10. මුන්ට ලැජ්ජා නෑ. අනිත් මිනිස්සුන්ට කියනවා වෙන කාටවත් ආදාර දෙන්න එපා ආණ්ඩුවට ලබා දෙන්න කියලා. උන් රතු තරුව ගහලා බඩු බෙදනවා.

    ReplyDelete
Previous Post Next Post