බාල බෙහෙත් වැස්සක් වහී.. එන්නත් රැසක් අත්හිටුවයි.. පුද්ගලික ෆාමසිවලිනුත් වහා ඉවත් කරන්නැයි දන්වයි..

 


ඉන්දියාවේ 'Maan Pharmaceuticals' සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන සියලුම එන්නත් කාණ්ඩයේ (Parenteral Products) ඖෂධ මෙරට පෞද්ගලික අංශය තුළ භාවිත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පියවර ගෙන ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ 2025 දෙසැම්බර් 16 වන දින රැස් වූ Safety and Risk Evaluation Subcommittee මගින් ලබා දුන් නිර්දේශයකට අනුවය.

අදාළ ඖෂධ භාවිතය නිසා ඇති වූ අහිතකර ප්‍රතික්‍රියා (Adverse Drug Reactions) පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියට අඛණ්ඩව වාර්තා ලැබීම, මෙම අහිතකර ප්‍රතික්‍රියා අතර මරණීය සිදුවීම්ද (Fatal reactions) වාර්තා වී තිබීම, 

මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥවරයා විසින් ලබා දෙන ලද මූලික පරීක්ෂණ වාර්තාවල නිර්දේශය මීට හේත වී ඇත.

ඉහත කී සමාගම මගින් නිෂ්පාදිත පහත සඳහන් ඖෂධ ඇතුළු සියලුම එන්නත් වර්ග මෙලෙස අත්හිටුවා ඇත.1. 

  1. Ondansetron Injection USP 8 mg/4 mL (Ondanman 8) - This decision was conveyed on 13.12.2025 and 15.12.2025.
  2. Cefotaxime Sodium for injection BP 1000 mg (Fotime 1000)
  3. Co-amoxiclav for injection BP 1.2 g (Manoxclav 1200)
  4. Co-amoxiclav for injection BP 600 mg (Manoxclav 600)
  5. Haloperidol injection BP 5 mg/mL (Mancalm 5)
  6. Imipenem and Cilastatin for injection 1 g (500 mg/500 mg) - Cimi
  7. Iron Sucrose injection USP 100 mg/5 mL (Sofer injection)
  8. Meropenem for injection USP 1 g (Manpen 1000)
  9. Piperacillin and Tazobactam for injection USP 4.5 g (Bacрас 4.5)
  10. 1Sulbactam and Cefoperazone for injection 1 g (Sulbactone 1)

මෙම ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂිත බව සහ කාර්යක්ෂමතාව තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එම පරීක්ෂණ අවසන් වන තෙක් මෙම නිෂ්පාදන පෞද්ගලික අංශයේ භාවිත කිරීමෙන් වළකින ලෙස දන්වා ඇත.

මෙම නිෂ්පාදන මෙරටට ආනයනය කරන PTC Medical Pvt. Ltd ආයතනය වෙත ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී ඇත්තේ, පෞද්ගලික අංශය පුරා බෙදාහැර ඇති ඉහත නිෂ්පාදන වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙම ප්‍රශ්න සහගත සමාගම මඟින් පසුගිය කාලයේදී ඖෂධ ලබා දෙන ලද අවස්ථා සියයක් ඉක්මවා බාල ඖෂධ ලබා දී ඇතැයිද හඳුනාගෙන ඇතැයිද වාර්තා වේ.



1 Comments

  1. කෙහෙළියට වඩා හොඳට නලින්ද තිස්ස මැච් එක ගහනවනේ . තව සෙන්චරියක් ගහලා

    ReplyDelete
Previous Post Next Post