නාය යාමක් සක‍්‍රිය වෙයි.. පවුල් රැසක් ඉවත් කරයි..

 


හැටන් වටවල පොලිස් වසමට අයත් රොසැල්ල මාණික්කාවත්ත ජලපදයේ නායයෑමේ අවධානමක් හේතුවෙන් පවුල් 13ක් (06) දින අලුයම පදිංචි නිවාස වලින් ඉවත් කර එහි සාමාජිකයන් 50 දෙනෙකු පමණ වැලිඔය දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව රැදවු බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පැවසීය.

අලුයම 1:00ට පමණ එක්වරම විශාල ශබ්දයක් සමග නිවෙස් දෙදෙරීමට පටන් ගත් නිසා පසුව නිවෙස් කිහිපයක්ම ඉරි තැලීමට පටන් ගත් බවයි එම නිවාසවල පදිංචිකරුවන් කියා සිටියේ.

එම ජනපදයේ නිවාස 50ක් පමණ තිබෙන අතර, එම නිවෙස්ද පිහිටා ඇත්තේ නායයැමේ අවධානමකට ලක් වී ඇති නිවාස 13ට පහළින්ය.

අධික බැවුමක් සහිත ඉඩමක පිහිටා ඇති මාණික්කාවත්ත ජනපදය පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ස්ථාන කිහිපයකින් නාය ගිය බවයි එහි පදිංචිකරුවන් කියා සිටියේ.

අවතැන් කදවුරේ සිටින මාණික්කාවත්ත ජනපදයේ අවතැන් වූවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට වටවල පොලිසිය පියවර ගෙන ඇත.

රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post