ඉදිරියේදී තාක්ෂණික උපකරණ වැඩි කර කුණාටු ගැන වේලාසන දැනුම් දෙනවා..- විජිත


 අනාගතයේදී ඇති විය හැකි වෙනස් ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා දියුණු උපකරණ හා මානව සම්පත යොදවා සූදානම් විය යුතු බව විදේශ හා සංචාරක ඇමති විජිත හේරත් මහතා අවධාරණය කරයි.

ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඇමතිවරයා පෙන්වා දුන්නේ මෙම ආපදා තත්ත්වය අනුපේක්ෂිත වූ බවයි. සුනාමියක් ඇති වන බව කිසිවෙකු දැන සිටියේ නැති සේම, මෙවැනි තත්ත්වයක් ද හදිසියේ ඇති වූ බව ඔහු සඳහන් කළේය. 

සමහර ස්ථානවල 1957 දී ජලය ගැලූවාට වඩා වැඩි ප්‍රමාණයක් ජලය ඉහළ ගොස් තිබූ බවට වාර්තා වන බවත්, ඉදිරියේදී මෙයට වඩා වෙනස් ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් ඇමතිවරයා පැවසීය. 

මෙයට මුහුණ දීම සඳහා වැඩි දියුණු කළ උපකරණ සහ මානව සම්පත් යෙදවිය යුතු අතර, ඒ පිළිබඳව කිසිදු විවාදයක් නොමැති බවත්, රජය ඒ සඳහා ලෑස්ති බවත් ඔහු තහවුරු කළේය.

කෙසේ වෙතත්, රටේ ආර්ථික තත්ත්වය මත සමහර තීරණ රඳා පවතින බව ඇමති හේරත් මහතා පිළිගත්තේය. "බංකොළොත් වෙච්ච රටක ආපදා කළමනාකරණයට වෙන් කරන සල්ලි ප්‍රමාණය, ගන්න පුළුවන් උපකරණ ප්‍රමාණය" සීමා විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. පූර්ව දත්ත ලබාගැනීමට විවිධ උපකරණ අවශ්‍ය වුවත්, එම හැකියාව තවම 100%ක්ම රටට නොමැති බවට ඔහු අදහස් පළ කළේය.

පැවති ආපදා තත්ත්වයත් සමඟ සන්නිවේදනය බිඳ වැටීම ප්‍රධාන ගැටලුවක් වූ බව ඇමතිවරයා සඳහන් කළේය. දුරකතන රැහැන් හෝ කුළුණු ක්‍රියා විරහිත වන අවස්ථාවකදී, සැටලයිට් දුරකථන තිබුණා නම්, මොරලිය වගේ සහ බදුල්ල වගේ දිස්ත්‍රික්කවල පවා සන්නිවේදනය කරගැනීමට තිබූ බව ඔහු පැහැදිලි කළේය.

සිද්ධිය වූ පසු මැදිහත් වීමේදී, සමහර පුද්ගලයන් අතරමං වී සිටින විට හෝ තම විපත දැනුම් දීමට නොහැකි වූ විට, සන්නිවේදන උපකරණ තිබුණා නම් ක්ෂණික මැදිහත්වීමක් සිදු කිරීමට හැකි බවට ඇමතිවරයා විශ්වාසය පළ කළේය.

ඇතැම් ස්ථානවල ජීවිත බේරා ගැනීමට නොහැකි වූයේ නාය යෑම් වැනි ක්ෂණික සිදුවීම් නිසා බවත්, උපකරණ තිබූ පමණින් ක්ෂණිකව සියලු ජීවිත බේරාගත නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය. නමුත් සිද්ධියෙන් පසු මැදිහත් වීමට ඇති හැකියාව දියුණු කරගත යුතු බවට ඔහු අවධාරණය කළේය.

ආපදා තත්ත්වයකට මුහුණ දීමේදී දියුණු තාක්ෂණික උපකරණ සහ මානව සම්පත වැඩි කරමින් මෙම තත්ත්වය ශක්තිමත් කළ යුතු බව තේරුම් ගෙන ඇති බවත්, රජය එය ක්‍රියාත්මක කරන බවත් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය

6 Comments

  1. What a joke. The horse has already bolted. Before the next cyclone try take to get back to normality. I do not know that your incompetent lot is capable. Only god knows. No point of talking detecting techniques now.
    Not trying to take the advantage of the situation and deeply sympathise with the everyone effected. However we all should learn from our own mistakes. People who were very cleverly fooled and voted to this despotic only jealous group should know now who these people really are. They boasted they have BSc, MSc, PhD and MPhil etc, but in real sense almost all the qualification they have seem to have is BA not Bachelor of Arts but the Sinhala word Ba… meaning cannot do any bloody thing properly.

    ReplyDelete
  2. සහෝදරයා මතක තියාගන්න ගෝටා එළවපු සාපය කැරකෙනවා. ඉස්සරහට පොඩි වැස්සකටත් ඔය පස් බුරුල් වෙච්ච කදු ටික නාය යනවමයි. උඹලාට ගැලවීමක් නැත. පුලුවනන්ම් ඔය කියන technology එක ගෙනල්ලා කදු ටික නැවත ශක්තිමත් කරන්න ගෙන්න. දැන් පච රැල ගොන් වෙලා ඉන්නෙ. Anura go home ඉක්මනින්ම සිදුවේවි. ඔයාලා පව් ඉතින්. කරන්න දෙයක් නැහැ මිනිස්සු රැවටුනා. ඔය ගොල්ලො දන්නෙ strike කරන්න, විවේචන කරන්න, කඩාකප්පල් කරන්න, කළු පටි අන්දලා university කොල්ලො, කෙල්ලො පාරට ගෙන්න. දැන් ඇත්ත මතක් කරනකොට ලැජ්ජයි නේද. AKD Apprentice Board එක දැන් දැන් පෙන්නනවා නොහැකියාව. ආයේ ආයේ මතක් කරනවා ඉදිරියට ලොකු ලොකු නාය යාම් සිදුවෙනවා. කඳුවල පස් ඔක්කොම බුරුල් වෙලා තියෙන්නේ. ඔය ගොල්ලෝ බුද්ධාගමේ නෙවෙයිනේ. එක නිසා දෙය්යො සිහි කරගෙන ඉන්න. මතක තියාගන්න පසුගිය රජයන් විසින් සාදන ලද පාරවල් සහ පාලම් උඩින් යන්නේ එතුමන්ලාට බැන බැන.

    ReplyDelete
  3. අමුතුවෙන් මුකුත් උපකරණයක් ඕනේ නෑ බං

    ගෑනු පස්සේ දුවන වෙලේ BBC weather forecast එක අහපං

    ඒකෙ ඔක්කොම කියනවා

    අපේ රට ට 300mm, 400mm, 500mm ප්‍රමාණේ වර්ෂාපතනයන් ලැබෙන බව ඒකෙන් තමයි දැන ගත්තේ

    ReplyDelete
  4. තමුන්නාන්සෙලාට ශාප වෙනවා මේ රටට කරපු අපරාධ වලට. තව පඩිසන් දුන්නේ නෑ. ඔය පටන් ගත්තා විතරයි.

    ReplyDelete
  5. ටිල්වින් ආතා ප්‍රමුඛ ජෙප්පනි,
    සුළි කුණාටු අපට එපා කියල මහා වැඩ වර්ජනයක් කැඳවමු.
    පාරවල් වහල ඉස්ට්‍රයික් කරලා කොලේටම අපේ වැඩ පෙන්නමු.

    ReplyDelete
Previous Post Next Post