තමන්ට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇතැයි චෝදනා කළ ආණ්ඩුවේම සාමාජික විදුහල්පතිවරුන් පාසල් දරුවන්ට මත්කුඩු බෙදා හරිද්දී අත්අඩංගුවට පත්වන බවත් තවත් මන්ත්‍රීවරුන් ගංජා වගා කරගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එසේ වගා කරන ලද ගංජා අත්අඩංගුවට පොලිස් නිලධාරීන්ට මහ පාරේ පහරදෙමින් ඇති බව තවත් නිලධාරියෙක් මාරු කර ඇති බවත් හෙතෙම චෝදනා කරයි.
තම නිලධාරියෙක් සේවය නිමවී නිවසට යද්දී මහ පාරේදී අල්ලා පහර දෙන ආණ්ඩුවකට කඩේ යෑමට ලැජ්ජා නැති දැයි පොලිස්පතිවරයාගෙන් විමසන බවත් මන්ත්‍රීවරයා පැවසීය. රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගතයුතු බවට පොලිස්පතිවරයා නියෝග කළ යුතු යැයිද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
පවතින තත්ත්වය මත ගංජා හේන් වැටලීමට නොහැකි වනු ඇති බවත් එසේ කළහොත් මන්ත්‍රීවරුන් පහර දෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ගංජ සාන්ත
ReplyDelete