වැලිකොට්ට දමා පාර හදා විවෘත කර වාහන යයි..

 


දිට්වා සුලි කුණාටුවෙන් නායයැමට ලක් වූ බගවන්තලාව වතුයායේ ඉහළ කොටසේ වතු මාර්ගය වතු කම්කරුවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වැලි කොට්ට ගසා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට එම වතු යායේ වතු කම්කරුවන් සමත් වී ඇත.

ඉකුත් සම 27 දින බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මාර්ගයේ කොටසක් නායයැම හේතුවෙන් එම වතු යායට කිසිදු වාහනයකට පිවිසීමට නොහැකි විය.

පවත්නා තත්වය තේරුම්ගත් වතු කම්කරුව්න සියලු දෙනා එක් වී වතු පාලන අධිකාරියෙද සහයෝගය ඇතිව මාර්ගය නාය ගිය ස්ථානය වැලි කොට්ට දමා සකස්කර (22) දින එම මාර්ගය රථ වාහන ගමනා ගමනයට විවෘත කෙරිණ.

රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post