ආපදාවෙන් විනාශයට පත් වු ගුරුවරුන්ගේ ඔප්පුවක් හෝ ඉඩම් අයිතියක් නොමැති අයටත් වන්දි ලබා දිමට රජය කටයුතු කල යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ජෝසප්
ස්ටාලින් මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ නායයෑමෙන් අවතැන් වූ
සහ නිවාස අහිමි වු, ජීවිත අහිමිවු සහ ඉඩම් අහිමි වු ගුරුවරුන් පිලිබදව සොයැ
බැලීමේනු පසු නුවරඑලියේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මෙහිදි
වැඩිදුරටත් අදහස් දැක්වු ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ,
දැන්
විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙලා තියන ආපදා තත්වය මත ගුරුවරු ගණනාවක් පීඩාවට පත්
වෙලා තියනවා. ඒ වගේම ජනතාවත් පීඩාවට පත් වෙලා තියනවා. විශේෂයෙන්ම අපි දකින දේ තමයි
ගොඩක් අයගේ ගෙවල් විනාශ වෙලා තියනවා. සමහර ගෙවල් ගංවතුරට ගහගෙන ගිහිල්ලා තියනවා.
ගෙවල් තියන තැනවත් නෑ. එතකොට මේ තත්වය තුල විශෙෂයෙන්ම ගුරුවරු රාජ්‍ය සේවකයෝ බරපතල
පීඩාවට පත් වෙලා තියනවා. නුවරඑලිය විශේෂ තත්වයක් මත. මොකද නුවරඑලියේ බහුතරක්
ගුරුවරුන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ගෙවල් හදලා තියෙන්නේ විශේෂයෙන්ම ඔවුන්ට අයත් ඉඩම්
ඔප්පුවක් නැතුව. මොකද වතුවල තමන්ට පාරම්පරිකව ආපු ඉඩම්වල තමයි මේ ගෙවල් හදලා
තියෙන්නේ. එතකොට දැන් මේ ගෙවල් ගහගෙන ගිහිල්ලා, අර්ධ හානිවෙලා නැතත්ම් යන්න බැරි
තත්වෙන් ඉවත් කියලා වෙලා.
එතකොට
රජයෙන් මේ ගෙවල් සදහා පුර්ණ වන්දියක් ගෙවන්න තීරණය කරලා තියනවා. ඒකෙදි තමන්ගේ ගේ සම්බන්ධයෙන් ඔප්පුවක් නැතිත ඉඩමක්
සම්බන්ධයෙන් අයිතියක් නැති නමුත් ගෙයක් තියෙන අයට මොකක්ද ආණ්ඩව ගන්න ක්‍රියාමාර්ගය
කියන එක පැහැදිලිව ප්‍රකාශ වෙන්න ඕන. බහුතරයක් අපි දන්නවා නුවරඑලිය දිස්ත්‍රික්කයේ
60%-70% ක් පිරිසකට මේ තත්වය තියනවා. ඒක නිසා ආණ්ඩුව මේ ප්‍රශ්ණය සමබන්ධයෙන්
තීන්දුවක් ගන්න ඕන. තින්දුව ගැනීම කියා කියන්නේ ඔවුන් නිවසක හිටියේ.
අපි
දන්නවා සමහර රාජ්‍ය සේවකයෝ බැංකුවලින් ණය අරන් තියනවා ලක්ෂ20, ඊටවඩා වැඩි මුදලකුත්
අරන් තියනවා. ඒ ණය අරන් තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. එතකොට ඒ ණය මුදලත් ගෙවා ගන්න
බැරුව ඉන්නේ. එකපැත්තකින් ආණ්ඩුව මේ නිවාස අහිමි වූ වන්ට, හානි වු අයට, ඉඩමත් එක්ක
නිවාසය අහිමි වු අයට විවිධාකාර වන්දි නිර්දේශ කරලා තියනවා. මේ නිර්දේශ ලබා දිමෙදි
අපි කියන්නේ මේ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මේ තියන ගටළුවට විශේෂයෙන් වතුකරයේ මේ සදහා
විසදුමක් ලබා දිය යුතුයි කියන කාරණාව අපි පැහැදිලිවම කියනවා. මොකද ඔවුන් ඉතා
අවිනිශ්චිත තත්වයක ඉන්නේ. ඒ වගේම අපි ඉල්ලිමකත් කරනවා, මේ රාජ්‍ය බැංකු වලින්
විවිධ ආයතන වලින් ණය අරන් තියනවා. මේ ණය අරගෙන තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. ඒ ණය
ගත්ත අයට ඒ ණය කපා හැරීමට හෝ වෙනත් විධිමත් වැඩ පිලිවෙළක් රජය කල යුතුයි. මොකද
ඔවුන් බරපතල පීඩාවක අනාත කදවුරුවල ඉන්නේ.
සමහර
අය අපි දන්නවා විශේෂයෙන්ම නායයෑම් අවධානම් තත්වය තුල වෙන තැනක පදිංචි කරලා
තියෙන්නේ. ඒ පදිංචිකරපු අය නැවත ඒ තැන පදිංචි කරන්නේ නැ කියලා දැනට තිරණයක් අරන්
තියනවා. අධි අවධානම් කලාපයක් නිසා එතන පදිංචි කරන්නෑ. ඔවුන්ට වෙනත් ඉඩමක් හෝ වෙනත්
ගෙයක් හෝ වෙනත් විකල්ප විසදුමක් හෝ ලබා දෙන තුරු ඔවුන් එතන ඉන්න ඕන.
ඔවුන්
සදහා තියන ස්ථීරසාර වැඩපිලිවෙල පිලිබදව ඔවුන්ට යම් කිසි විදිහක ස්ථිර
අධිෂ්ඨානයකින් ඉන්න පුලුවන් පසුබිමක් සකස්
වෙන්න ඕන. මොකද බරපතල අර්බුධකාරි තත්වයක මේ අය ඉන්නේ. ඒ නිසා මේ ගොල්ලෝ දැනට මුහුණ
දෙන මේ ප්‍රශ්ණ වලට විසදුම් ලබා දෙන්න ඕන.
ඒ
වගේම වගා හානි. වගාකරපු අයගේ වගා හානි සම්බන්ධයෙන් යම් කිසි විදිහකට හානි පූර්ණය
කරනවා. එතකොට ප්‍රශ්ණය තියෙන්නේ දැන් මෙතන සමහර අය වතුවල ඒ ඉඩම් අයිතියක් නැති
තැන්වල තමය් මේ වගා කරලා තියෙන්නේ. ඒ වගා කරලා තිබ්බට පස්සේ සේ වගාව සම්පුර්ණයෙන් ගහගෙන ගිහිල්ලා තියනවා.
එතකොට ඒවා සදහා වන්දි ගෙවනවාද? ඒ සදහා ඔවුන්ට මොකද කියන්නේ? ඔවුනුත් ජීවත් වුණේ ඒ
වගා කිරිම තුල . ඒ වගේ ප්‍රශ්ණ වලට විසදුම් දෙන්න කියන කාරණය සමබන්ධයෙන් ආණ්ඩුව
අවධානයට ගන්න ඕන.
ඒ
වගේම අපි දන්නවා මේ ආපදා තත්වය තුල සමහර පාසල් පවත්වාගෙන යන්න බැරි තත්වයකට හානි
සිදු වෙලා තියනවා. උදාහරණයක් හැටියට යොක්ස්වෝඩ් දෙමළ විද්‍යාලය ගත්තම නුවරඑලියේ,
ඒක පවත්වාගෙන යන්න බැරි තත්වයට හානි වෙලා තියනවා.
යම්
කිසි සැලැස්මක් තියනවා නම් එය කුඩා පාසලක්ය, ඒ කුඩා පාසලේ ළමුයි වෙන පාසලකට යවනවා
කියලා තීරණයක් අරන් තියනවා නම්, ඔවුන්ට යන්න තියන අවම දුර ඇවිල්ලා කිලෝමෟටර්
4කටටත් එහා. ඔවුන්ට නැවත ඒ පාසල හදා දෙන්න කටයුතු කරන්න. මොකද අපිට තියන ලොකු ප්‍රශ්ණයක්
තමයි සමහර කුඩා පාසැල් මේ තත්වය තුල වෙන තැනකට අරගෙන ඒවා වහලා දාන්න සූදානම් වෙන්න
එපා කියන කාරණාව අපි කියන්න ඔන. මොකද ඔවුන්ට විශාල දුරක් එන්න වෙනවා අලුත් පාසලක්
ආරම්භ කරාම. ඒ සම්බන්ධයෙනුත් ආණ්ඩුව අවධානය යොමු කරන්න ඕන යනුවෙනි.
රංජිත් රාජපක්ෂ
