මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු කළ කරුණු රාශියක් සාකච්ඡාවට ගැනුණි. සුරක්ෂිතමධ්යස්ථානවල සිටින ජනතාවගේ යටිතල පහසුකම් ඇතුළු ආහාර පාන සහ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ද එහි ඉදිරි ක්‍රියාදාමයන් ගැන ද තීරණ ගත්තේය.
විශේෂයෙන් එක් එක් මධ්‍යස්ථානවල සිටින ජනතාව සියලු දෙනා හමුදා පුහුණු මධ්‍යස්ථානයකට ගෙන ගොස් එහි රැකවරණය ලබාදීමට අදහස් ඉදිරිපත් විය. අමාත්‍යවරයාගේ අදහස වූයේ එය ජනතාව සමග සාකච්ඡා කොට තීරණය කිරීම වැදගත් බවයි.
ප්‍රදේශයේ ළිංවල තත්ත්වය පිළිබඳව සහ රොන් මඩ පිරී ඇත්නම් ඒවා ඉවත් කිරීමට විශේෂ කණ්ඩායම් යොදන බවත්, ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග සියල්ලම ගමනාගමනයට සුදුසු තත්ත්වයට පවතින බව නිලධාරීන් ප්‍රකාශ කළ අතර, ප්‍රාදේශීය මාර්ග යම් ප්‍රමාණයක් කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් යන බව ද පෙන්වා දුන්නේය. විශේෂයෙන් මීමුරේ ප්‍රදේශයේ මාර්ගවල තත්ත්වය පිළිබඳව දැඩිව සාකච්ඡා කළ අතර විකල්ප මාර්ග හඳුන්වාදීම ද සිදු විය.
සුරක්ෂා මධ්‍යස්ථානවලට පැමිණ නැති නමුත්, ආපදා තත්ත්වයට පත් වී ඇති ජනතාව වෙනුවෙන් අනිවාර්යයෙන් ආධාර ලබා දිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, එය බෙදා හැරීමේදී ක්‍රම වේදයක් සකස් කරන්න කරගන්නා ලෙසට නිලධාරීන් දැනුම්වත් කළේය.
ආධාර ලැබිය යුතු පුද්ගලයකුට ආධාර නොලැබී තිබීම ගැටළුවක් බවත්, ආධාර නොලැබිය යුතු අයකුට ආධාර ලැබීම එතරම් ගැටළුවක් නොවන බවත් එහෙත් නිවැරදි ක්‍රම වේදයක් යොදාගෙන එය සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කිසිවක් නොලැබී ඇති ස්ථාන නොමැති බවත් එසේ ඇතිනම් ප්‍රාදේශීය ලේකම් හෝ ආපදා කමිටුව අමතන ලෙසත් අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ඉතා දරුණු ව්‍යවසන තත්ත්වයක් වුවත්, එය මේ තරම් සාර්ථක කර ගැනීමට හැකි වූයේ නිලධාරීන්ගේ කැපවීම මත සහ සියලුම ජනතාව මේ වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, රට ක්‍රමානුකූලව දියුණු තත්ත්වයට පත් කිරීමට සැමගේ කැපවීම ඉදිරියේදී ද ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
එමෙන්ම මෙතෙක් කිසිදු රජයකින් ලබා නොදුන් ආධාර සහ සහන තම ආණ්ඩුව යටතේ ලබා දෙමින් ජනතාවගේ ජීවන තත්ත්වය තිබුණාට වඩා ඉහළට ගෙන ඒමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් දිසාපතිතුමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම් බස්නායක මහතා සහ නිලධාරීන් සහභාගී විය.

Kasippu beelada lal
ReplyDelete