අස්වැසුම ගන්න නහය වසාගෙන පැය ගණනක් පෝලිමේ...

 


අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ දැනට ගෙවීම් ලබන සියලු දෙනා මෙන්ම අයදුම් කළ නමුත් ගෙවීම් නොලැබුණු සියලු දෙනා තම තොරතුරු යාවත්කාලීන කිරීම අනිවාර්ය බව පවසමින් හදිසි නිවේදනයක් රජය මගින් නිකුත් කර ඇත.

ඒ සදහා නුවරඑලිය ප්‍රදේශයේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටින ප්‍රතිලාභීන් තොරතුරු යාවත්කාලින සඳහා පසුගිය දින කිහිපය තුළ විශාල පිරිසක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ දිගු පෝලිම්වල රැඳී සිටිමට සිදු නී ඇත්තේ නාසය වසා ගෙන සෞඛ්‍ය තර්ජන හමුවේය.

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොදු වැසිකිළිය අසල සහ කාර්යාල වැසිකිළි අපද්‍රව්‍ය ප්‍රතිලාභීන් පෝලිම්වල රැදී සිටින කාර්යාල පරිශ්‍රය හරහා ගලා බැසීම නිසා මෙම ජනතාව පීඩාවට පත් වී ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලි අපද්‍රව්‍ය නිසි ලෙස ගලා යෑමට ක්‍රමවේයක් සකස් නොකිරිම හමුවේ එම අපද්‍රව්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවට ජනතාව රැදී සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිටත රැදී තිබීම නිසා දැඩි දුගන්ධයක්ද හමන තත්යක් මත එම ප්‍රතිලාභ ලබා දීමට ලබා දී ඇති මේ මස (31) දින අවසන් දිනට ප්‍රථම දැඩි සෞඛය තර්ජන මධ්‍ය යේ එම තොරතුරු යාවත්කාලීන කිරිමට එම ප්‍රදේශයේ ප්‍රතිලාභීන් රැදී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

- රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post